(මහින්ද නිශ්ශංක)
කොරෝනා වයිරසය පැතිර යෑමත් සමඟ ඇති වූ තත්වය හේතුවෙන් රටපුරා පිහිටි බේකරි 7000 කින් 6000 ක් පමණ වැසී ඇති බවත් ඉන් සේවකයින් ලක්‍ෂයකගේ පමණ රැකියා අහිමිවී ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප‍්‍රකාශ කළේ වැසී ඇති මෙම බේකරි වල සේවය කළ සේවකයින් සහ ඔවුන්ගේ යැපෙන්නන් මේ වන විට අන්ත අසරණ තත්වයට පත්ව ඇතැයි පැවසීය.
මෙලෙස බේකරි වැසී යෑම නිසා රැකියා අහිමිවීමෙන් අසරණ තත්වයට පත්ව ඇති මෙම සේවකයින්ට කිසියම් සහනයක් සලසා දීමට මැදිහත් වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටින බවද පැවසු ඔහු මේ වන විට එම සේවකයින් කිසිඳු සහනාධාරයක් හෝ ලැබී නොමැති බවද කියා සිටියේය.
දැනට දැඩි දුෂ්කරතා මධ්‍යයේ පාන් නිෂ්පාදනය කරන බේකරි වල නිෂ්පාදනය වන්නේද සීයයට 10 ක් පමණ වු පාන් ඇතුළු බේකරි නිෂ්පාදන බවද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹල පාන් බෙදන්නෙත් ලොකු ලොකු වාහන වල . .. හම්බ කර ගත්ත එව්වගෙන් ටික ටික ඒ මිනිස්සුන්ට දීපල්ලා .. පාන් බේකරිකාරයෝ බහුතරයක් කොටිපතියෝ...
දහදිය පෙරාගෙන, හොටු පෙරාගෙන .. පාන් තම්බපු බේකරි නම් වහල දැම්මාට අපේ විරුද්දත්වයක් නැහැ .
කාලෙකින් ඇහුවා වටිනා කතාවක්.... සතුටුයි. පාන් පිටි වැඩි මිලට ගිල්ලවනවාට..
මේ නිවාඩු කාලයේ මොලේ පැදුනානම් බේකරි වැහිලම තියේවි. සුදු පාන්පිටි 30% අඩුකර හොදයි කියන්න පුළුවන් .