(ඩී.කේ.රත්න )
සමාජ මාධ්‍ය තුළින් අසත්‍ය ප‍්‍රකාශ ප‍්‍රචාරය කරමින් ඒවා විවිධ පුද්ගලයින් අතර හුවමාරු කල පුද්ගලයින් දෙදෙනකු අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වැලිමඩ බෝගහකුඹුර ගුරුතලාව ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතයි බෝගහකුඹුර පොලීසිය පවසයි.
බෝගහකුඹුර ගුරුතලාව හපුරොද පදිංචි වයස අවුරුදු 47 පුද්ගලයකු හා ගුරුතලාව කුරුදුගොල්ල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 49 පුද්ගයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා කෝවිඞ් 19 පිලිබද විවිධ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔසසේ විශාල ලෙස ප‍්‍රචාරය කිරීම නිසා ඒ පිිළිබදව සිදු කළවිමර්ෂණ කටයුතු අනුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි විමර්ශන කටයුතු සදහා රැගෙන ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි. ඇපදෙන්න හොද නෑ. වගකීමෙකින් වැඩ කරන්න ඕනා වෙලාවේ බලු වැඩ කරනවට....
කෝවිඩ් 19 පිළිබද විවිධ අසත්‍ය අත්බෙහෙත් සමාජ මාධ්‍ය ජාලා ඔසසේ විශාල ලෙස ප‍්‍රචාරය කරන අයට මොකක්ද කරන දඩුවම?