(රන්ජන් කස්තුරි)
මහ මැතිවරණය ජූනි මස 20 වැනි සෙනසුරාදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (20 වැනිදා) පස්වරුවේ තීරණය කළේය.
මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ මධ්‍යම රාත්‍රියේදී නිකුත් කිරීමට නියමිතව තිබිණ.
COMMENTS
ඊයේ අප්‍රියෙල් මස ප්‍රවුත්ති වලට කීවේ මහා මැතිවරණය පැවැත්වෙන්නේ 2020 ජූලි 20දා කියලයි. කවුද හරි පුවත දුන්නේ ? එහි දැනට සිදුවෙන දේ දිහා බැලුවාම, නිවැරදි පුවත දී තිබෙන්නේ ජාතික පුවත්පත් මගින් බව අපේ හැඟීමයි !
මහ මැතිවරණය වසර 2020 ජූනි 20 වැනිදා පැවැත්වෙන බව සඳහන් අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කලත්, රටේ ජනතාව මෙම මැතිවරණය වර්ජනය කරනු නිසැකය. ජනතාව ඔවුන්ගේ කුසගිනි නිවා ගැනීමට පෝලිම්වල ගොස් ආහාර මිලදී ගැනීම කලත් මැතිවරණයකදී ජනතාව එසේ නොකරනු ඇත. covid-19 නිසා රට සහ රටේ ආර්ථිකය මෙන්ම ලක්ෂ ගණනින් පුරවැසියන්ගේ රැකියාවන් අහිමි වී ඇති මොහොතක රුපියල් කෝටි ගනනක් මුදල් වියදම් කොට මැතිවරණයක් සදහා රජය සුදානම් වෙන්නේ නම්, රටේ රැකියාවන් නොමැතිව කුසගින්නේ විදුලිබිල්, ජලබිල් ගෙවාගැනීමට පමණක් නොව දරුවන් හට කිරිපිටි මිලදී ගනිමට නොහැකිව සිටින ජනතාව චන්දය ඉල්ලන දේශපාලකයන් හට සාප කරනු ඇත. ගෝලීය ආර්ථිකය කඩා වැටි ඇති මොහොතක වර්තමාන රජයට බලය ලැබුනත් රටේ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොමැත. රජයට ජනතාවට කළහැකි දෙයක් නොමැත. දේශීය ආර්ථිකයකින්ම රට ගොඩනැගිය නොහැක. රබර් තේ පොල් සහ හාල් විකුණා රට ගොඩ ගැනීමට රජය සුදානම් වන්නේ නම් එය සිහිනයකි හෝ මිථ්‍යාවකි. ගෝලීය ආර්ථිකය තුල ලෝකයේ දියුණු රටවල ආර්ථිකය නැවත යතා තත්වයට පැමිණෙන තුරු, විදේශ ආයෝජන නැවත ලැබෙන තුරු ඉවසා සිටිය යුතුවේ. බලය වෙනුවෙන් රටේ ජනතාව රැවටීම තවදුරටත් නොකරන්න...
දැන් රතු අලි පැටව් සුපිරීම් කෝට් යාවි...!!!
අගමැති කියපු විදියට වැඩේ කලා. ඒක හරි... දැන් දිනයක් තියෙනවා. එදිනට කරන්නත් බැරි නම් ඒකත් කල් දාල තවත් දිනයක් ප්‍රකාශයට පත් කරනවා. එච්චරයි.
විශාල සෞඛ්‍ය ප්‍රශ්නයක් රටේ තියෙනවා හැබැයි ඡන්දේ තමා ලොකු වෙලා තියෙන්නේ රට කරන අයට. අවුරුදු ගානක් රට කරපු මිනිස්සු ඒත් පුදුම බලපෙරේතකමක් තියෙන්නේ. කොමිසමට පින්සිදු වෙන්න මෙහෙම හරි මේක කල් දාගෙන යන්නේ ඔවුන්ට තියෙන සීමිත බලතල එක්ක. නැත්නම් මේ මාසේ අන්තිම දවස් කීපයේ ඡන්දෙත් තියලා තව කොරෝනා බෝ කරන්න පරිසරයත් හදනවා. ඇත්තටම කනගාටුයි රට කරන අය ගැන.
එතකොට අර පිටරටවල හිරවෙලා ඉන්න ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබෙන ශ්‍රී ලංකික පුරවැසියෝ 55000 ජුනි 20 වෙනකොට ලංකාවට ගෙනත් නිරෝධන මධ්‍යස්ථාන හරහා නිරෝධනය කරලා ගෙවල් දොරවල් වලට යවන්න පුලුවන්ද? නැතිනම් ඔවුන්ට ඡන්දෙ දමන්න තිබෙන මුලික අයිතිවාසිකම් කඩ වෙනවා. ලබන මාසේ 13 වෙනිදා වෙනකොට සති 5 කට කලින් රට සාමාන්‍ය තත්වයට පත්වේවි කියල ඔබතුමා සිතනවද? ඇඳිරිනීති වලින් පිඩාවට පත්වෙලා දුක් විදින මිනිස්සු පොහොට්ටුවට ඡන්දෙ දේවි කියලා ඔබතුමා හිතනවද ?
කලින්ම මොකක් හරි දිනයක් දෙන්න තිබුනෙ.. ඕන වුනොත් ආයෙ කල් දාන එකනෙ
අනේ අපේ හිටපු මන්ත්‍රිලා සහ වෙන්න මන්ත්‍රිලා දැන් ජනතා සේවයට එළියට බහීනේ ? දැන් කාලෙකට පස්සේ පිනා මුණ දැකගන්න පුළුවන් නේ ?
පාර්ලිමේන්තුවයි, පලාත් සභා නවයකුයි නැතුව මෙච්චර භයානක වසංගතයකට මුහුණ දෙන්න පුලුවන් වුනා නම්, මේ ආයතන නඩත්තු කරන එකේ තේරුමක් තියනවද? මේව තනිකර දේශපාලකයන්ට මහජන මුදල් ගසාකන්න හදාගත්ත ආයතන....
මේක නම් වගකීම් රහිත ක්‍රියාවක්. කල දුටු කල වල ඉහගන්නවා හැර මේ කාටවත් මිනිස්ජීවිත ගැන රුදාවක් නැද්ද අප්පා?
කොමසාරිස්තුමා හොඳ උපන්දින තෑග්ගක් කල් තියාම දීලා වගේ.
සජිත් ජන්දෙට බය රනිල් මහත්තයා එජාපය දිනන බව දන්න නිසා.ආණ්ඩුව වැටිලා ඉන්නේ. එජාපය දිනනවා.රනිල් මහත්තයා එක්ක ජෝකර් හැප්පෙන්නේ කොහොමද?