කොරෝනා වසංගතයත් සමඟ එක් දිනක් සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට මැලේසියාව තීරණය කර ඇත . ඒ අනුව මැයි 18 වැනිදා පාර්ලිමේන්තුව කැඳවන අතර එදින කිසිදු විවාදයක් නොපැවැත්වේ.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය ව්‍යාප්ත වීමට පෙර සිටම මැලේසියාවේ දේශපාලන අර්බුදයක් පැවැතිණි. බලඅරගලය හේතුවෙන් පසුගිය පෙබරවාරි මස අගදී මහතීර් මොහොමද්ට අග්‍රාමාත්‍ය ධුරය අහිමි විය. ඒත් සමඟ ‘පකටන් හරපාන්’ පරිපාලනය කඩා වැටුණු අතර සතියකට ආසන්න කාලයක් මැලේසියාවේ ආණ්ඩුවක් නොතිබිණි.
මහතීර් මොහොමඩ්ගේ කලින් දේශපාලන පක්ෂය ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෙකි. එහෙත් මහතීර් මොහොමඩ් ඊට සම්බන්ධ නැත. 2018 වසරේ පැවැති මහ මැතිවරණයේදී පකටන් හරපාන් පක්ෂයේ ප්‍රතිවාදීහු ද වත්මන් ආණ්ඩුවේ කොටස්කරුවෝ බවට පත්ව සිටිති.
අල්ජසීරා
055
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔක්කොම උපාධිධාරීන්. වැදගත් යමක් කිවහැකි අය. අපේ බූරු සෙට් එක වගේ අටක නාටක නටන්නේ නෑ. ලංකාවේ පාර්ලිමේන්තුව කැඳවීම අනවශ්‍ය දෙයක්.
මැලේසියාවේ පාර්ලිමේන්තුවේ ඒ රටට වැඩක් කරන්න පුළුවන් වැදගත් මැති ඇමති ගොල්ලෝ ඇති.
ඒ එහෙනෙ, මෙහෙ කට්ටිය එහෙම 'සෙකන්ඩ්' වෙන්න කැමති නෑ.
මේ එක්කම ඡන්ද කල් දාපු රටවල් වල නමුත් දැම්ම නම් නේද වටින්නෙ?
කොහොමත් පාරම්පරික දේශපාලකයෝ දැන් ලංකාවට ගැලපෙන්නේ නැහැ. ඒ අය කරපු දෙයකුත් නැහැ, රට එන්න එන්න ණයකන්දක හිර කරලා ඒ අය කෝටිපතියෝ වූන එක තමයි වූනේ. පාර්ලිමේන්තුව තියලා ගන්න ලොකු තීරනත් නැහැ, ඡන්දය තියන්න වතාවරනයකුත් නැහැ .කොවිඩ් 19 පාර්ලිමේන්තුවට දාල , පාර්ලිමේන්තුව රැස් කරමු.
උපාධිධාරීන් උගතුන් පාර්ලිමේන්තුවට පැමිණීම අවශ්‍යයි කියන්නේ විසඳුම නෙවේ, ඒවා තමන්ගේ පක්ෂයේ ගොඩ වැඩි කරගන්න උදව් වෙන ජනප්‍රියවාදී අදහසක් විතරයි, අපි මොකෙක් හරි පාර්ලිමේන්තුවට පත්කරන්නේ අපේ පාරට තාර ටිකක් දාගන්න කොල්ලට කෙල්ලට ආණ්ඩුවේ ජොබ් කට්ටක් හොයාගන්න, ඒවා කලාම මන්ත්‍රීතුමා ගමට වැඩක් කල හරි හොඳා කීම වැරදියි! ඒක නෙවේ විය යුත්තේ, අපේ ගමේ පාරවල් වල තත්වය හොඳ නැහැ ගමේ විරැකියාව වැඩියි එහෙම හිතල පාර්ලිමේන්තුවේ යෝජනා ගෙන්න රටේ පාරවල් හදන්න ඕන කියල, රක්ෂා ඇති කරන්න මේ මේ ක්‍රියාමාර්ග ගන්න ඕන කියල අදහස් ගෙනත් කතා කරන්න විවාද කරන්න හොඳම අදහස් ක්‍රියාවට නංවන්න ඊට අදාළ අලුත් නීති හදන්න, තියෙන නීති සංශෝධනය කරන්න අන්න එවයි වෙන්න ඕන, එහෙම කරන්න මහා උගත්තු වෙන්න ඕන නැහැ එත් අපේ පත්කරන්නේ ගමේ ඉන්න දුර්දාන්තම හොරු ටික, එහෙම නැතිව රටට ආදරයක් ඇති මිනිස්සු නෙවේ. ඔය අය මොනවද එහෙම පෞද්ගලික යෝජනා ගෙනවිත් කතා කරලා තියෙන්නේ?