(ඩයනා උදයංගනී)
මුල්ලේරියාව නැගෙනහිර කොළඹ මූලික රෝහලත් හෙට (21) සිට කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
එහි ඇදන් 100 ක් කොරෝනා ආසාදිත රෝගීන්ගේ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් සූදානම් කර ඇති අතර ඇදන් 30 අසාධ්‍ය තත්ත්වයට පත්වන රෝගීන් වෙනුවෙන් වෙන්කර ඇතැයි එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
අවශ්‍ය වුවහොත් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල රෝහලේ දැඩි සත්කාර ඒකකද මේ වෙනුවෙන් ලබාගන්නා බව අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කොරෝනා රෝගීන් ප්‍රතිකාර ලබන අයි.ඩී.එච් රෝහලේ ධාරිතාව ඉක්මවා ගියහොත් ඉන්පසු රෝගීන්ට ප්‍රතිකාර කරන දෙවැනි රෝහල ලෙස මුල්ලේරියාව මූලික රෝහල යොදා ගැනීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd