IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

‘කොවිඞ් 19’ හෙවත් ‘නව කොරෝනා’ වයිරසය ආසාදනය වී මියගිය තෙවන පුද්ගලයා පදිංචිව සිටි මරදාන ‘ෆොබර්ස් ලේන්’නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ පියවර ගත්තේය.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වළකාලීමේ පියවරක් වශයෙන් අදාළ නිවාස සංකීර්ණය හුදකලා කිරීමට ආරක්‍ෂක අංශ මෙලෙස පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

එම නිවාස සංකීර්ණයේ පවුල් 400 ක පමණ පිරිසක් පදිංචිව සිටින බවත් ඔවුන්ට නිවාස සංකීර්ණයෙන් පිටව යෑම සහ පිටස්තර පුද්ගලයින්ට නිවාස සංකීර්ණයට ඇතුළුවීම සම්පුර්ණයෙන්ම තහනම් කර ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර කොරෝනා වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයා සහ ඔහුගේ පවුලේ අය ලඟින් ඇසුරු කළ පුද්ගලයින් සොයා ගැනීම සදහාද සෞඛ්‍ය අංශ මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.
 



අදහස් (4)

මරදානේ කොරෝනා ආසාදිතයා සිටි නිවාස සංකිර්ණය වසාදමයි

anura Thursday, 02 April 2020 08:34 AM

දම්වැලේ පුරුක් ටික දැන් ඉතාම පැහැදිලියි.

:       0       0

jayath Thursday, 02 April 2020 09:19 AM

කිරි හරක් දහස් ගණනක් ඉන්න ගොවිපලවල් වල හරකුන්ට නිතරම හැදෙන මුක සහ කුර ලෙඩේ (foot and mouth disease ) හැදුනාම ලෙඩ සතා අයින් කරලා මුළු ගොවිපලම නිරෝදායනය කරනවා මොකද හරකුන්ට මොලේ නැහැ නෙව නැත්නම් රටපුරා දුවනවා !මේක සමහරවිට මාසගණන් දික්ගස්සනවා.

:       0       0

SL Thursday, 02 April 2020 09:21 AM

මේ වගේ අය ඉන්නකල් මේ ලෙඩෙන් ගොඩ යන්න ලැබෙන්නේ නැහැ. මෙච්චර කියලත් ,මෙච්චර ප්‍රචාරණයක් දීලත් .... තේරෙන්නේ නැහැ කියන්නේ.

:       0       0

de silva Thursday, 02 April 2020 10:35 AM

මොහු සමග ගිය සිකුරාදාට ඉස්සර සිකුරාදා පල්ලියේ ගියා කියන අනෙකුත් පුද්ගලයන් ගැනත් සොයල බලන්න , මේ විදිහට තම සහෝදර ජනතාව අමාරුවේ දමන්න මෙයාගේ ඔලුව හොඳ නැද්ද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 99 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 365 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site