( දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා වසංගතය මර්ධනය සදහා සමස්ත ජාතියම පියවර ගෙන ඇති මොහොතක ලංකා විදුලිබල මණ්ඩලය විදුලි බිල්පත් බෙදාහරින්නැයි මනු කියවන්නට කර ඇති නියෝගය වහාම අවලංගු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා කර ඇති නියෝගයකට අනුව සියළු ප්‍රදේශවල විදුලි මනු කියවන්නන් හෙට සිට බිල්පත් බෙදාහැරීමට නිවෙස් වලට යාමට නියමිතය.
ජනරාශිය නැවත්වීම සදහා රජය පියවර ගෙන තිබියදී 4000කටඅධික මනු කියවන්නන් ගෙයින් ගෙට යාම හරහා කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ ඇති අවදානම සළකා මෙය නවත්වන්නැයි ඔවුහු කියති.
විදුලි මනු කියවන්නන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සදහා එය වැදගත්වන බවද ඔවුහ පෙන්වා දෙති.
තවදුරටත් හෙට දිනයේ වයඹ පලාතේ බිල්පත් කවුන්ටර විවෘත කිරීමට ද ලංවිම පාලනාධිකාරිය නියෝග කර ඇතැයි වාර්තා වේ.
කොරෝනා අවදානම් කලාපයක් ලෙස හදුනාගෙන ඇති වයඹ පළාතේ බිල්පත් කවුන්ටර විවෘත කරනවා වෙනුවට බිල්පත් ගෙවීම සදහා සියලු විදුලි පාරිභෝගිකයින්ට සහන කාලයක් ලබා දිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම එකාම බලන්නේ අයිස් ගහන්න. මනු කියවන එකාට තියෙන්නේ මීටරේ කියවලා බිල ලියලා දාලා එන එක. අයුතු ජනරාශිවලට කැමැත්තෙන්ම ගියේ නැතිනම් මේ අයට එක මිනිහෙක්ගෙවත් අහලකට යන්න ඕන නැ
මේ වෙලාවේ මනු කියවන්නේ නැතුව remote reading කලානම් මසකට ඉතුරුවන මුදල රු. 100000 * 4000 = කෝටී 40ක් ,වසරකට කෝටී 480ක් , මේ ගැනත් හිතන්න
කරන්ඩ තිබුණු වැඩනම් එමටයි. නමුත් මෙවෙලාවේ ඔය වැඩේ නවත්තල බිල්පත් නොයැව්වොත් ආණ්ඩුවට තියෙන අදායමක් නැතිව යනවා. එතකොට තවත් කබලෙන් ලිපට වැටෙනවා.
සත්‍යයි
මේ කතාව කොතෙක් වලංගුද සුපර් මාකට්වල, බැංකුවල සේවකයින්ට. ඔවුනුත් සේවය නතර කලානම් තත්වය. මේ මනු කියවන්න ගෙවල් වලට යන්නේ තම මොටෝර් සයිකලේ හෝ පයින්. ඔවුන් අන් අය ස්පර්ශ කරන්නේ නැහැ. බොරුව ඉස්සරහට දමා බොරදියේ මාළු බාන්නන්. රිමෝට් ඇක්සෙස් තියන මීටර් ලංකාවේ හදනවා. ඒවා සවිකොට මොවුන්ගේ සේවය නතර කරන්න. විසන්ධි කිරීමත් එ්කෙන්ම කරන්න පුළුවන් හින්ද වෙන ප්‍රශ්නත් අඩුවේවි.පින් පඩි කාරයෝ අඩුකරන්න.
හැමෝම විදුලි මීටරේ අතපත ගාන්නේ නැහැ. එමනිසා විදුලි මීටරෙන් කොරෝනා බෝ වෙන්නේ නැහැ , මනු කියවන මනුෂ්‍යයාට තිබෙන්නේ මාස්ක් එකක් දමාගෙන ගිහින් මනුව කියවලා බිල දීලා එන්න පමණි. නැතුව නිවැසියන් සමග අල්ලප සල්ලාපයේ යෙදෙන්න ඔහුට අවශ්‍යතාවයක් නැත. පොලිස් නිලධාරීන්, සාත්තුසේවකයන්, දොස්තරලත්, පසුගිය කාලයේ ආගමන විගමන නිලධාරිනුත් කොපමණ අවධානමක් ගත්තද ? දැනටත් ගන්නවද ? හැමෝම බලන්නේ නිකන් ඉන්න. බිල් ගෙවන්න සහන කාලයක් දෙන්න ඕනේ... නමුත් මුලින්ම මනුව කියවලා බිල නිසිලෙස සකසලා තිබෙන්න ඕනේ... නැතිනම් මාස 3ක් විතර පස්සේ ඔක්කොම එකතු කරලා බිල ඩබල් ට්‍රිබල් කරලා ඒව්වාහම මොකද කරන්නේ ? කසල ප්‍රවාහනය , විදුලි බලමණ්ඩලය, ජල සම්පාදන , තැපැල් වැනි සේවා ක්‍රියාත්මක කළා කියලා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ . ඔවුන්ට මුක වාඩම් සහ අත්වැසුම් දමාගෙන සේවය කරන්න කියන්න.
හොඳම දේ තම තමන්ගේ නිවෙස් වල මීටරයේ මනු අංකය කොලයක ලියලා නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කරන්න කියලා කලින් දවසේ ශබ්ද විකාශන භාවිතයෙන් දැනුවත් කිරීම
ප්‍රමාද වෙලා බිල ලියන්න ආපුවම මාසෙකට එන බිල නෙවෙයි මාස එක හමාරකට එන්නේ.. මාසෙට රුපියල් 250- 300 ශේප් වෙන්න පුලුවන් බිල තව දවස් 10- 12ක් ගියාම බිල ඩබල්, ට්‍රිබල් වෙනවා.. එ්කෙන් අසාධාරනයක් වෙන්නෙත් පොඩි මිනිහට...