(ජේ.කේ.එල් චාමින්ද)
මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛේදවාචකයක් ලෙස තමන් දකින බැව් හිටපු අමාත්‍ය හා ගාල්ල දිස්ත්‍රික් එජාප නායක වජිර අබේවර්ධන මහතා පවසයි.
අද (20) ගාල්ලේ පැවති මාධ්‍යහමුවකදි හිටපු ඇමතිවරයා මේ බව සදහන් කළේය. හෙතෙම මෙසේද කිවේය.
මැතිවරණ කොමිසම් සභාව මේ අවස්ථාවේ අපහසුතාවයට ලක්කිරිම බරපතල ඛෙදවාචකයක් ලෙස තමයි මම දකින්නේ. මෙක ඒ අයගේ සිමාවෙන් ඔබ්බට ගියා ඒ අය දින නියම කළ නියමිත දිනට මැතිවරණය පැවැත්විමට නොහැකිවුනේ මැතිවරණ කොමසමේ දෝෂයක් නිසා නොවෙයි.
ලෝක වසංගතයක් නිසා එම තත්වයට මුහුනදිලා තියෙනවා.ඒ නිසා ජුනි02 කියන කථාව වැදගත් වෙන්නේ නැහැ. ඉබේම නිදහන් වෙනවා කළ නොහැක්කක් නිසා එවැනි අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 07 වැනි වගන්තිය ලියා තියෙන්නේ කුමකටද කියා තමයි මම ඇසුවේ. ඒ වගන්තිය ලියා තියෙන්නේ ජාතික ව්‍යසනයකට මුහුණ දිම සදහා මා හිතනවා මේ අවස්ථවේ ඒ අනුව ක්‍රියාකරණවා මිස පටු අරමුණු චෙතනා අනුව කටයුතු කළයුතු නැහැ.
ඡන්දය ගැන හිතන්නේ කොහොමද මුද්‍රණාල වැඩ කරන්න ඕන. සේවකයින් මෙවා මුද්‍රණය කරන්න ඕන. තැපල්කරුවන් මෙවා නිසි අයුරින් බෙදා දෙන්න ඕන. භාණ්ඩ දෙන ආකාරයට ඡන්දය තියන්න පුළුවන් තොරාගත් කිහිපදෙනෙකුට ඡන්දකාඩිපත් දිලා ඡන්දය තියන්න පුළුවන් මැතිවරණ කොමිසම මේ අවස්ථාවේ අසරණ කරන්න හොද නැහැ .
මේ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ වගකිමෙන් ඇතට ගිහින් තියෙන්නේ ඒ නිසා මැතිවරණ කොමිසමට මෙක පටවන එක බරපතල ඛෙදවාකයක් එහෙනම් ආණ්ඩුක්‍රම වි්‍යවස්ථාවේ 70 7 වැනි වගන්තිය අවශ්‍ය වන්නේ නැති බවද හිටපු ඇමතිවරයා සදහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල තණ්හාවෙන් පිස්සු වැටිලා දගලන අයට ප්‍රශ්නයක් නැතුව ඇති .
ඉඩොරේ කාලෙට වන සතුන්, තිරිසනුන් කැලේ ඇතුලටම යනවා.. දකින්නවත් නැහැ.. හැබැයි වහින්න පටන් ගන්න කොට මෙන්ම බොලේ "තිරිසනුන්" ඔක්කොම එලියට ඇවිත් තණකොළ බුදිනවා, මඩ නානවා .මෙය එයට කදිමම උදාහරණයකි.
ඔව් මේ ආණ්ඩුව කරවන අයට ලොකු උවමනාවක් තියෙනවා ස්වාධීන කොමිෂන් සභා කියන්නේ රටට අනවශ්‍ය දෙයක් ඔවුන් රටට කරන්නේ හානියක් ආදී වශයෙන් මතයක් හදල කොමිෂන් අහෝසි කරවාගන්න.
මෙතුමාලට බයයි... ඒත් අස්ථාවර පැරණි පාර්ලිමෙන්තුව අපිට කොහොමත් එපා...
මැතිවරණ කොමිසම් සභාවට මැතිවරණය පැවැත්වීමේ දිනය තීරණය කිරීම පුර්ණ බලතල තිබේ නම්, වෛරසය මේ වනවිට ලොවපුරා පැතිරී ඇති මොහොතක මැතිවරණය තව වසරකින් හෝ මාස 18 කින් පමණ කල් දැමීමට මැතිවරණ කොමිසම් තීරණය කල යුතුවේ. මැතිවරණ කොමිසම්ට මැතිවරණය පිලිබදව දින තීරණය කිරීමට මේ අවස්ථාවේ හැකියාවක් නොමැත. එයට හේතුව මෙම වසන්ගතයට "vaccine" සොයා ගන්නතුරු සහ එම වැක්සීනය පුරවැසියනට ලබාදෙන තුරු මැතිවරණ පැවැත්විය නොහැකි බව ඔවුන් දන්නා නිසාය. වර්තමාන රජය ඔවුන්ගේ බලයවෙනුවෙන් ජනතා පරමාධිපත්‍ය ලබාගැනීමට සුදානම් වනුයේ රටේ ජනතාවම බිලිදෙමින් බව පැහැදිලිය. මේවනවිට විශාල ප්‍රමාණයකට මේ ම වෛරසය බෝ වී ඇති බව පෙනෙන්නට තිබේ. මේ අවස්ථවේදී කලයුතු වන්නේ බලය වෙනුවෙන් ජනතව බිල්ලට දෙනවට වඩා රටේ වර්තමාන අවිනිශ්චිත තත්වය සැලකිල්ලට ගෙන කෙසේ හෝ කඩා වැටෙමින් පවතින රටේ ආර්ථිකය සහ සෞඛ්‍යයට මුල් තැනදී කටයුතු කිරීම වේ. රජය විශේෂඥයින්ගේ උපදෙස් මත ක්‍රියා නොකර බලය වෙනුවෙන් බලය පෙන්වීමට ගියහොත් මුළු රටටම අබියෝගවලට මුහුණ දීමට සිදුවනු ඇත.
හලෝ ! කොහෙද මෙපමණ කලක් හිටියේ? සැප මදිද ?
ඔය ගොල්ලොන්ගේ රනිල්ටයි, සජිත්ටයි, ඔයගොල්ලොන්ගෙයි කොටින්ගෙයි අතිජාත මිත්‍රය වෙච්ච සම්බන්ධන්ටයි කියන්නකො මැතිවරණ කොමසාරිස්ට කරදර කරන්නෙ නැතුව ඉන්න කියල. අපිටත් ඕනෙ ඔය පාර්ලිමේන්තුව නැති බංගස්තාන වෙලාම යන්න තමා. ඒත් ඔයගොල්ලොන්ට ඕන වෙලා තියෙන්නෙ බලය ගන්නනෙ...
පාවිච්චි කරපු මුඛවාඩම් බෙදෙන එකත් ඛේදවාචකයක්.