( ඩී.ජී.සුගතපාල)

බූස්ස බන්ධනාගාරයේ තවත් රැඳවියන් 30කට පමණ කොරෝනා ආසාදිතවි ඇති බවට අද (05) තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

ඉකුත් 01 වනදින රැඳවියන් 40දෙනෙකුට පී.සි.ආර්.පරික්ෂණ සිදු කරන ලද අතර එම වාර්තා අනුව මෙම රැඳවියන් 30 ආසාදිතයින් බවට තහවුරුවි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.

මෙම රැඳවියන් දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ අධිකරණවලින් දඩුවම් නියමවුවන් වන අතර ප්‍රතිකාර සඳහා ඔවුන් වටරැක ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බවත් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පැවසිය.

මෙම ආසාදිතයින් 30 ත් සමග බුස්ස බන්ධනාගාරයෙන් වාර්තාවි ඇති ආසාදිතයින්ගේ සංඛ්‍යාව 350 ඉක්මවා ඇත.