










ළහිරු හර්ෂණ
කොරෝනා රෝග වසංගත තත්ත්වය පාලනය කිරීම සදහා බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක කල ඇදිරිනීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ පොලිස් වසම්වල රැදී සිටින පුද්ගලයින් නැවත සිය ගම් බිම් කරා පිටත් කර යැවීම අද(02) ආරම්භ කෙරිනි.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ මෙහෙයවීමෙන් කැළණිය පොලිස් කොට්ඨාසය තුල රැදී සිටි ගැබිණි මාතාවන් , දිර්ඝ කාලීන රෝගීන් , කුඩා දරුවන් ඇතුළු 360 දෙනෙකු පමන මූලික වෛද්‍ය පරීක්ෂාවෙන් අනතුරුව ලංගම බස් රථ වලින් පොලිස් ආරක්ෂාව මධ්‍යයේ පෑලියගොඩ පොලිස් වසමේ විජය කුමාරතුංග ක්‍රීඩාංගණයේ සිට පිටත් කර යැවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මෙ මිනිස්සුත් ගම්වලින් කොන්කරන්න පුළුවන්...
මාස 2ක් ගියා මේ පුංචි වැඩේ කරන්න. මේ මිනිස්සු මොන තරම් නම් දුකක් විඳින්න ඇද්ද? පිටරට ඉන්න ලාංකිකයෝ නම් විශේෂ ප්ලේන් යවලා ගෙන්න ගත්තා, ඇමති පුත්තු හන්දාද?
හොඳ තීරණයක්. හුඟක් මිනිස්සු කොළොඹ සහ අවට බෝඩිම් වල මාස එකහමාරක් තිස්සේ හිර වෙලා ඉන්නවා. හුඟකට කෑමත් නැහැ. අතිශය ජනාකීර්ණ, අපිරිසිදු වාතය තියෙන, කුඩා ඉඩකඩ වල ළඟ ළඟ සෙනඟ ගොඩක් ඉන්න කොළඹ සහ අවට නගර වලට වඩා ගමේ පරිසරය සෞඛ්‍යට හිතකරයි. හැබැයි ඒකෙ තේරුම ආණ්ඩුව කියන විදිහට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මැයි 11 ආරම්භ කිරීම හෝ පාසල් විවෘත කිරීම හෝ කලින් තිබ්බ විදිහට ජන ජීවිතය පටන් ගන්න පුළුවන් විදිහට රට කොරෝනා වලින් ආරක්‍ෂිතයි කියන එක නෙමෙයි. රට තවමත් ඉතාම අනාරක්ෂිතයි. දැන් වෙනකොට කොරෝනා රෝගීන් 690ක්. දිගටම වැඩි වෙලා. කොරෝනා පරීක්ෂණ අඩු කාලේ ලෙඩ්ඩු අඩුයි. කොරෝනා පරිෂණය නැවැත්තුවහම ලෙඩ්ඩු නැහැ. කොරෝනා පරීක්ෂණ වැඩි කලහම ලෙඩ්ඩු ගාන එලි වෙනවා. මේ අලුත් ලෙඩ්ඩු නෙමෙයි. පරීක්ෂණ වැඩි කිරීම නිසා දැන ගත්ත ලෙඩ්ඩු. රටේ අනාරක්ෂිත බව තව මාස 3ක් වත් යනකම් අඩු වෙන්නේ නැහැ. අත්‍යවශ්‍ය රැකියා කියන්නේ රජයේ කාර්යාල හෝ පෞද්ගලික සේවා නෙමෙයි. ආහාර අර්බුදයක් ඇති නොවෙන්න ඒ හා ආශ්‍රිත රැකියා, රෝහල්, ෆාමසි, සුපර් මාර්කට්, බැංකු (සීමිත) වැනි මිනිස්සුන්ට අත්‍යවශ්‍යම ආයතන විතරයි විවෘත කරලා තියන්න ඕනේ....
කොරනා ගැන විතරක් නෙමෙයි රටට වගකියන ආණ්ඩුවට කරන්න වැඩ ගොඩක් තියෙනවා. ලංකාවේ රැකියා කරන වයසේ මිනිස්සුන්ගෙන් ස්ථිර රැකියා කරන්නේ 54.7%ක් හෙවත් මිලියන් 8.2ක් විතරයි. රැකියා කරන වයසේ ඉන්න, රැකියා නැති සහ ස්ථිර ආදායමක් නැති පිරිස මිලියන් 8කට කිට්ටුයි. වෛරසය නිසා මාසික වැටුප සහ දෛනික ආදායම අහිමි වෙච්ච ලක්ෂ ගානක් ඉන්නවා ස්ථිර රැකියා සහ ස්ථිර නොවෙන රැකියා කල. ලංකාව වැඩ කරන්නේ බටහිර ක්‍රමයට නිසා කොරෝනා වෛරසයට එන්නතක් හොයා ගන්න තුරු මිනිස්සු ආරක්‍ෂිත නැහැ. ඒ හින්ද, මාර්තු මුලදීම ලියපු විදිහට, ආණ්ඩුව කොරෝනා පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා රටේ ජනතාවට තව මාස 3කට (මූලිකව) සහන සලස්වන්න "කොරෝනා සහන පනත" කියල පනතක් ගේන්න ඕනේ. දැනට ගෙවන රු.5000 මදි වුනත් මිනිස්සුන්ට ඒකත් ලොකු දෙයක් නමුත් පෞද්ගලික අංශ සේවාදායකයන්ට තමන්ගේ සේවකයන්ගේ රැකියා ආරක්ෂා කරගන්න පුළුවන් විදිහට රැකියාවට නාවත් මාසික වැටුපෙන් 50%ක් සේවකයන්ට ගෙවන්න පුළුවන් විදිහට ආණ්ඩුව විසින් ව්‍යාපාර සහ කර්මාන්ත ආරක්ෂණ සහනයක් විදිහට පුද්ගලික අංශයනට බදු සහන සහ යම් මුදලක් දෙන්න ඕනේ. පාර්ලිමේන්තු පනතක් නැතුව මේක කරන්න බැහැ.
බොහෝ පුද්ගලික ආයතන පඩි ගෙවා ගන්න බැරි තරම් කරදරේ වැටිලා. අපේ රටේ බදු ගත්තට ඒවාට ආපසු සේවයක් නොකරන හින්ද පොඩි අමාරුවකදී වුනත් කුඩා සමාගම් කඩා වැටෙනවා. මේ කුඩා සහ මධ්‍යම පරිමාණ සමාගම් වලට බදු සහන අත්‍යවශ්‍යයි...
විද්‍යානුකූලව විෂබීජහරණය කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් දක්වා ඇත්තේ පුද්ගලික ස්වස්ථතාවය පිළිබඳව බොහෝ හොඳ දේවල් සමාජ ගත කෙරුණු මේ අවස්ථාවේදී, සීමාව ඉක්මවා එය සිදු කිරීමට යාමෙන් මිනිසාටත්, පරිසරයටත් හානිදායක දේ සිදු නොකිරීමට අප විසින් වගබලා ගත යුතුයි යනුවෙනුයි. එමෙන්ම මුළු මහත් පරිසරයම විෂබීජහරණය කිරීමක් සිදු කළ යුතු නැති බවත්, රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන්ගෙන් ස්වභාවික පරිසරයට නිකුත් කිරීම මගින් රෝග නිවාරණයට ලැබෙන රුකුල ට වඩා පරිසරයටත්, මිනිසාටත්, අවට ජීවත්වන සතුන්ටත් වන හානිය විශාල බවයි එමගින් පෙන්වා දෙන්නේ.
මේක පුදුම වැඩක්නේ, මෙච්චර පුංචි ලංකාවේ මේ මිනිස්සුන්ව ගමට යවන්න මෙච්චර කාලයක් ගත කරා කියන්නේ...