බස්නාහිර පළාතේ සිට සෙසු පළාත් වෙත පුද්ගලයන්ට සංචරණය කිරීම වැළැක්වීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
බස්නාහිර පළාතෙන් කොරෝනා ආසාදිතයන් වැඩි ප්‍රමාණයක් හඳුනාගැනීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
අද (11) දිනයේ සිට එළැඹෙන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා කිසිදු පුද්ගලයකු බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරිම තහනම් කර තිබෙන බව කෝවිඩ් -19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුදා රට ඇරියේ මක්කටෙයි..?
එතකොට කොළඹ වැඩබිම්වල සේවය කරන කම්කරුවන් ගැන කිසිම තැකීමක් නොකර, ඒවායේ කාර්යාලවල වැඩකරන සේවකයින්ට නිවසේ සිට වැඩකිරීම වළක්වමින් වැඩබිම් වලට පැමිණීම අනිවාර්ය කරමින්, එම සමාගම් වල සමූහ වශයෙන් වැඩ කිරීමෙන් රෝගය පැතිරීම වැළැක්වීමට ආණ්ඩුව විසින් නියෝග කළ කොරෝනා මර්ධනය කිරීමේ නීති තුට්ටුවකටවත් මායිම් නොකරන කොරියන්, චීන ලොක්කන්ට එරෙහිව කිසිවක් නොකර අපේම මිනිස්සුන්ව බිල්ලට දී රටේ ආර්ථිකය ගොඩදැමීම ගැන පමණක් සිතීම සෑහේදැයි නොදනිමි...
ඉඳල හිටල හොඳ වැඩත් කෙරෙනවනේ...
නන්දසේන රට අරින්නේ, වහන්නේ වැසිකිලියේ දොර කියලා හිතාගෙනද කොහේද?
උතුර දකුණ මාරු වෙලා වගේ.. අරින්න කියල වහනවා. සිරිසේන එක්ක සෙල්ලම් බෑ....
ගාමිණී කුමාරයා යුද්ධ කරනවා වගේ...
ඕක කළින්ම කළා නම් මෙච්චර පැතිරීමක් වෙන්නේ නැහැ කියලා හිතෙන්නේ මට විතරයිද? ඊට අමතරව දැනුත් වහලනේ... එතකොටත් ඉතින් අපි වගේ ලොක්ඩවුන් කරලා දැන් සති ගාණක් ඉන්නවා. කළින් හිටියයි, පස්සේ හිටියයි කියලා වෙනසක් නැහැනේ. එකම වෙනස ආසාධිතයෝ ගාණ අඩුවෙලා මරණ ගාන අඩුවෙන්න තිබ්බා.
සමහර අදහස් දැක්කාම යමක් කියන්න ඕනේ කියලා හිතුනා. ඇත්තටම මමත් පුද්ගලික අංශයේ රැකියාවක් කරන කෙනෙක්. රට වහනවට ගොඩක් අය කැමතියි. මට වුනත් ප්‍රශ්නයක් නැහැ මාස 3ක් 4ක්වත් යනකම් පඩි ගෙවන නිසා. ඒත් මේකේ රට වහනකම් බලන් ඉන්න අයට නොතේරෙන දේ තමයි අති බහුතරයක් මිනිස්සු එදිනෙදා කුලියක් වෙළදාමක් කරලා ජීවත් වන අය. ඒ මිනිස්සුන්ට විතරක් නෙමෙයි රටේ අති බහුතරයක් මිනිස්සුන්ට අසීමිත ප්‍රශ්න ගොඩකට මූණ දෙන්න වෙනවා රට වැහුවම.. අපි අපේ වගකීම කොච්චර දුරකට ඉටු කරනවද කියලා පාරට බැහැලා බලන්න. කොච්චර කිව්වත් මාස්ක් එක හරියට දානවද? මීටරයක් දුරින් ඉන්න කිව්වට ඉන්නවද කියලා. නිකන් කකා බිබී ඉන්න මිනිස්සුන්ට රට වැහුවට කමක් නැහැ. ඉතින් රජයක් වුනත් හැම පැත්තක්ම බලන්න ඕනේ. මේක වසංගතක්. කාටවත් අත්දැකීම් නැහැ කොහොමද මේක 100% නිවැරැදිව පාළනය කරන්නේ කියලා. ඉවසීමෙන් වගකීමෙන් යුතුව හැසිරෙමු.
රටේ ජනතාවටත් වගකීමක් දෙන්න. හැමදේම රජයෙන් කරනකන් බලන් ඉන්න ජනතාවට පණිවිඩයක් දෙන්න.
මේක තේරුමක් නැති වැඩක්. මොකද මේ වෛරසයේ පැතිරීම දින 14 ක් ඇතුලත වෙන්ඩ පුලුවන් ඉතින් මේ වගේ දවස් 4 නැත්නම් 5 වහන එකේ තේරුමක් නෑ. දින 14 හෝ 28 සම්පූර්ණයෙන් වැහුවනම් මේක පාලනය කරගන්ඩ පුලුවන්. කොහෙද මේක යුද්ධයක් කියලනෙ හිතං ඉන්නේ.
සරත් ෆොන්සේකා නැත්නම් මෙගොල්ල තාම යුද්ද කරනවා.
නොවැම්බර් 15 න් පස්සේ බස්නාහිර කොවිඩ් අවසන් වෙනවද.?
දැන් අනාගෙන අවසන්, දැන් අපි කොරෝනා සමග ජීවත්වෙමු.
ලංකාවේ ආර්ථිකයෙන් 41% වසා දැමීම හෝ අඩපන කිරීම කියන්නෙ මොකක්ද ? මේකෙන් ආර්ථිකයට මොකද වෙන්නෙ?
එකපාර සති 6කට රටම වහලා... සැක ඔක්කොම පිසිආර් කරලා ඒ එක්කම සැක ඔක්කොම නිරෝධානය කරානම් හරි.
වට්ටි අම්මා කෙනෙක්ව සෞඛ්‍ය ඇමැති තනතුරට දාලා. රටම අනාථ කළා. දැන් ඉතින් රට ගොඩගැනිලි බොරු රජෝ.
අපේ සහයෝගය ඔබටයි ජනපතිතුමනි, මීට ලංකා එක්සත් වඩේ වෙළඳුන්ගේ සංගමය.
මෙක කරන්න ඇත්තේ දීපවාලිවලට කොළඹ වැඩබිම් සහ කඩවල වැඩකරන වතුකරයේ ද්‍රවිඩ තරුණයින් යනඑක නවත්වන්න. වතු ආශ්‍රිත ජනතාව ඉන්නේ එකගොඩෙ...