(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.විරවංශ )
වැලිසර නාවික හමුදා කදවුරේ සේවයේ නිරත සෙබළුන් පස් දෙනෙකු නිවාඩු ලබාගෙන බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කොට්ඨාසවල තම නිවෙස් වෙත පැමිණිමෙන් ඔවුන් සමග සම්බන්ධතා පැවත්වු නිවෙස් 42 ක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ .
අද (24) වනදා පස්වරුව වනවිට මෙම තීරණය ගත් බව ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කාර්‍යාලයේ බලධාරියකු පැවසිය .
පසුගිය 22 වනදා මෙම නාව්ක හමුදා සෙබෙළු නිවාඩු ලබාගෙන තම නිවෙස් වෙත පැමිණි නෑදෑයින් හිතවතුන් සහ අසල්වාසීන් ඇසුරු කර ඇතැයි ද එලෙස හදුනාගත් පිරිසක් සිටින නිවාස නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රකාශකයා පැවසිය .
ඉඹුල්පේ කොට්ටාසයේ පිහිටි නිවෙස වෙත වැලිසර නාවික හමුදා කදවුරේ සිට පැමිණි සෙබළු ගණන තුනකි. ඔවුන් තිදෙනා නෙල්ලිවල,හල්පේ සහබෝවත්තේ පදිංචිකරුවන් වෙති.
බලන්ගොඩ කොට්ටාසයට නාව්ක සෙබළුන් දෙදෙනෙකු නිවාඩු ලැබ පැමිණි අය අතර සිටිති.
ඔවුන් දෙදෙනා බටුගම්මන සහ බෝවත්තේ පදිංචිකරුවෝ වෙති.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශවලට පැමිණි මෙම නාව්ක සෙබළුන්ට කොව්ඩ් 19 වයිරසය ආසාදිත දැයි සොයා ගැනිමට පී.සී.ආර් පරික්ෂණයක් කිරිමට නියමිතය .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බලන්ගොඩ - ඉඹුල්පේ නිවාස 42 ක් නිරෝධායනයට