(සුදත් පුබුදු කීර්ති සහ ඩබ්ලිව් ඩී එම් විතාන) 

බියගම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොටිිටාශයේ දැනට හුදකලා කර ඇති සියඹලාපේවත්ත සහ යටිහේන ප්‍රදේශ වල සිදු කළ අහඹු පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව පුද්ගලයින්  73 දෙදෙනකු කොවිඩිි 19 ආසාදිතයින් ලෙස අද(25) තහවුරු වු බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් පෙරේරා මහතා පැවසීය . 

මෙම ප්‍රදේශ වල අහබු ලෙස සමාජයෙන්  තෝරාගත් පුද්ගලයින් 524 දෙනෙකු සදහා ඉකුත් (22) දා සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව ආසාදිත පුද්ගලයින් 73 න් දෙනා වාර්තා වී ඇති අතර මෙහිදී  යටිහේන ග්‍රාම නිලධාරී වසමෙන් පුද්ගලයි  39 දෙනෙකුද  සියඹලාපේවත්ත වසමින් පුද්ගලයින් 14 දෙනෙකුද කොවිඩිි ආසාදිතයින් ලෙස තහවුරු වු බව සමන් පෙරේරා මහතා පැවසීය                                                               

එසේම හුදකලා කර ඇති සියඹලාපේවත්ත ග්‍රාමයේ කොවිඩිි 19 ආසාදිත අවුරුදු 60 ට වැඩි පුද්ගල මරණ 04 ක් හා යටිහේන ප්‍රදේශයෙන් ආසාදිත මරණ 02 ක්ද පසුගිය දිනවල වාර්තා වු බවත් අද (25) බියගම  පටිිටිවිල ප්‍රදේශයේ කොවිඩිි 19   ආසාදිතව   අවුරුදු 60 ට වැඩි කාන්තාවක් රෝහල්ගත කිරීමෙන් පසු මරණයට පත්ව ඇති බවද  සමන් පෙරේරා මහතා පැවසීය .