IMG-LOGO

බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට

 (සිරංගිකා ලොකුකරවිට) 
 
බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගොඩකන්ද ප්‍රදේශයේ පවුල් 18ක් ස්වයං නිරෝධායනයට ලක්කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ලසන්ත උබේසේකර මහතා පවසයි.
 
කොරියාවේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානය සිට අකුරැස්සේ කොහුගොඩ කන්දේ නිවසට ගොස් සිටිය දී කොරෝනා ආසාදිතයකු බවට හඳුනාගත් පුද්ගලයා ළඟින් ඇසුරුකළ පුද්ගලයන් සිටීම හේතුවෙන් එම පවුල් නිරෝධායනයට ලක්කළ බව වෛද්‍යවරයා පැවසීය.
 
නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ගාල්ලට බසයෙන් පැමිණි අකුරැස්සේ තරුණයා එතැන් සිට ඔහුගේ නිවසට කැටුව ගොස් ඇත්තේ ගොඩකන්දේ පදිංචි ඔහුගේ මස්සිනා විසින් වෑන් රථයකිනි.
 
එම පුද්ගලයා සහ වෑන් රථයේ රියදුරා ද තවත් පුද්ගලයකු ද දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යවා නිරෝධායනයට ලක්කර ඇති බවත් ඔවුන්ගේ නිවාස ඇතුළු සහ ඔවුන් සමීපව ඇසුරුකළ පුද්ගලයන්ගේ නිවාස 18ක සියලු දෙනා මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක්කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයට යැවූ එක් පුද්ගලයකු අකුරැස්සේ තරුණයාගේ පියා රෝගීව කරාපිටිය රෝහලේ ප්‍රතිිකා ලබමින් සිටිය දී ඔහුගේ සාත්තුවට රෝහලේ නතරවි සිටි බව ද අනාවරණය වී තිබේ. 



අදහස් (0)

බෝපේ පොද්දල පවුල් 18 ක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 364 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 529 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site