(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

බණ්ඩාරගම නගරයේ දී කළ රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාවේදී පුද්ගලයන් 63 කුට කොරෝනා වෛරසය ආසාධිත  වී තිබූ බව බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

විවිධ රෝග ලක්ෂණ පහළ වූ අය  මෙන්ම ඒ සඳහා  ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පුද්ගලයන් 191 දෙනෙකු උදෙසා  රැපිඩ් ඇන්ටිජන්  පරීක්ෂාව සිදු කළ බව එම ප්‍රකාශකයා කීය 

රැපිඩ් ඇන්ටිජන්  සඳහා පෙළ ගැසී සිටි පුද්ගලයන් අතර සිටි කාන්තාවන් දෙදෙනකු  සහ පිරිමි පුද්ගලයකු ක්ලාන්තව  ඇද වැටී  තිබූ අතර එම තිදෙනාද රැපික් ඇන්ටිජන්   පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව ඔවුන්ටද වෛරසය ආසාදිත ව තිබූ බව ද අනාවරණ වූ බව එම ප්‍රකාශකයා කීය 

මේ වන විට  සමාජයේ බහුලව මෙම රෝගය ව්‍යාප්තව ඇති අතර හැකිතාක් සෞඛ්‍ය උපදෙස් පිළිපැද සංචරණ සීමා  කිරීම වඩාත් යෝග්‍ය බව  එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.