(රංජිත් රාජපක්ෂ )
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව නව අසාදිතයන් 31 දෙනෙකු වතු යායවල් 05 කින් හදුනාගත් බව බගවන්තලාව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
ඉකුත් (22) දින සිදු කරන ලද පි.සි.ආර් පරික්ෂණ අනුව නව අසාදිතයන් 31 දෙනා හදුනාගත් බවත්, එම අසාදිතයන් බගවන්තලාව වත්ත 19 , කොටියාගල වත්ත 06 , බොගවාන වත්ත 04 ,ටින්සින් වත්ත 01 , තෙරේසියා වත්ත 01 වශයෙන් හමු වු බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයෙන් මේ වන විට කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 746 ක් හමුවි ඇති බවත්,කොවිඩ් මරණ 18 වර්තා වි ඇති බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියේය.
නව අසාදිතයන් 31 දෙනාගේ ළගම ආශ්‍රිතයන් ස්වයං නිරෝධානයට යොමු කිරිමට සහ අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරිමට පියවර ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසිය.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
බගවන්තලාවේ වතු යාය 5 කින් ආසාදිතයින් 31 ක්