(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කොරෝනා ආසාදිත රෝගීන් 71 කු එකවර අද අද දින වාර්තා වීමේ හේතුවෙන් පිළියන්දල තුම්බෝවිල උතුර ග්‍රාම සේවා වසමේ කරදියාන වත්ත ග්‍රාමය හුදෙකලා කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
අනෙකුත් ප්‍රදේශ වලට කොරෝනා වෛරසය පැතිරීමේ අවදානමක් පැවතිය හැකි බැවින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ උපදෙස් මත එම තීරණය ගත් බව වෛද්‍යවරයා කීය.
ඉකුත් සතිය තුළ කොරෝනා රෝගීන් 16 දෙනෙකු හමුවීමත් සමගම එම ග්‍රාමයේ නිවාස 750ක පුද්ගලයන් 419 කු උදෙසා දින දෙකක් පුරා සිදුකළ පි සි ආර් පරීක්ෂණයෙන් අනතුරුව රෝගීන් 71 හඳුනා ගැනීමට හැකි වූ බව වෛද්‍යවරයා කීය.
එම රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන කර යොමු කළ බවත් පොලිස් මාර්ග බාධක දමා අවශ්‍ය පියවර ගත බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පිළියන්දල කරදියාන වත්ත ග්‍රාමය හුදකලා කරයි