(ඩයනා උදයංගනී)
පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් අදට වසරක් සපිරෙන අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන්ගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල අගරදගුරු මැදුරේ පිහිටි දේවස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්විණි.
පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය හා විපතට පත්වූවන් සිහිකර විනාඩි දෙකක නිහඬතාවක් පවත්වා ඉටිපහන් දැල්වීමෙන් පසු එහිදී විශේෂ යැදුමක්ද පැවැත්විණි.
මැක්ස්වෙල් සිල්වා සහ ජේ.ඩී. ඇන්තනි සහයක රදගුරුතුමන්ලාද මෙම අවස්ථාවට සහභාගී වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ප්‍රහාර සියල්ලම සැලසුම් කළෙත්, ක්‍රියාවට නැංගුවෙත් කලින් ආණ්ඩු කාලේ නේද ? දැන් පොහොට්ටුව සමග අත්වැල් බැඳගෙන චන්දයට යන්න සුදානම් වෙනවා. තමන්ගේ විලිවසාගන්න කිසිම හේතුවක් නැතිව හිටපු පොලිස්පති ආරක්ෂක ලේකම්වයි අත්අඩංගුවට ගත්තා. ඒ නඩුවට මොකද වුනේ ? සිරිසේන සමග අත්වැල් බැඳගෙන ඉන්න පොහොට්ටුවේ රජය මෙම ප්‍රහාර සම්බන්ධව කිසිම දෙයක් කරයි කියා සිතන්න පුලුවන්ද ?