IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පෝලන්ත ජාතිකයින් දෙදෙනකු කරාපිටියේ විශේෂිත වාට්ටුවකට

(ජේ.කේ.එල් චාමින්ද)

පොලන්ත  ජාතිකයින් දෙදෙනෙකු අද (23) අලුයම ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර  ඇති විශේෂිත වාට්ටුවට ඇතුලත් කර ඇති බව රෝහල් ප්‍රකාශයෛක් පැවසිය.

මෙම පොලන්ත ජාතිකයින් දෙදෙනා  ජාත්‍යන්තර මුහුදු තිරයේ ගමන් කරන විදේශීය නෞකාවලට ආරක්ෂාව සපයන ආරක්ෂකයින් දෙදෙනෙකු බවද රෝහල්  ආරංච් මාර්ග සදහන් කරයි.

මොවුහු 44 හා 37 වැනි වියේ පසුවන අය වෙති.

පසුගිය 3 වැනිදින  මෙකි පොලන්ත ජාතිකයින් දෙදෙනා මෙරටට පැමිණ  ඇති අතර ඔවුන් ස්වයං නිරෝධනයට ලක්වෙමින් ගාල්ල  ප්‍රදේශයේ ලැගුම්හලක සිට ඇත. 

වෛද්‍ය උපදෙස් මත මොවුන් රෝහල්ගතකර ඇත.

කරාපිටිය ශික්ෂණ රෝහලේ කොරෝනා බවට සැක කරන රෝගින් සඳහා වෙන්කර  ඇති විශේෂිත ඒකකයේ අද (23) වනවිට රෝගින් තිදෙනෙකු ප්‍රතිකාර ලබන බව රෝහලේ ප්‍රකාශයෛක් සඳහන් කළේය.

බුස්ස  නිරෝධායන මධ්‍යස්ථානයේ  පුද්ගලයින් 17 දෙනෙකු නිරෝධායනයට ලක්වෙමින් සිටින අතර එම පිරිස අතර බන්ධනාගාර රැදවියන් දෙදෙනෙකු ද සිටින බව පැවසේ.
 
 



අදහස් (0)

පෝලන්ත ජාතිකයින් දෙදෙනකු කරාපිටියේ විශේෂිත වාට්ටුවකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 24 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 872 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2507 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site