(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල වාර්තාවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින් හමුවීම කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 34 ක්, වත්තල - 31 ක්, සීදූව - 30 ක්, මහර - 26 ක්, ජාඇල - 22 ක්, බියගම - 19 ක්, අත්තනගල්ල, කැලණිය සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් - 16 දෙනෙකු බැගින්, ගම්පහ - 15 ක්, දොම්පෙ - 12 ක්, මිනුවන්ගොඩ - 11 ක්, මීගමුව - 9 ක් සහ දිවුලපිටිය - 5 ක් වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 47 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් ආයෝජන කලාපය කටුනායකින් - 39 ක්, බියගමින් - 2 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 6 දෙනෙකු වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,177 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3,19,142 කි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පැය 24 කදි ගම්පහින් ආසාදිතයින් 262 ක්