(තිලකරත්න දිසානායක.)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 262 දෙනෙකු අද (4) උදෑසන වනවිට ගතවූ පැය 24 තුල වාර්තාවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින් හමුවීම කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් - 34 ක්, වත්තල - 31 ක්, සීදූව - 30 ක්, මහර - 26 ක්, ජාඇල - 22 ක්, බියගම - 19 ක්, අත්තනගල්ල, කැලණිය සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් - 16 දෙනෙකු බැගින්, ගම්පහ - 15 ක්, දොම්පෙ - 12 ක්, මිනුවන්ගොඩ - 11 ක්, මීගමුව - 9 ක් සහ දිවුලපිටිය - 5 ක් වශයෙන් සිදුව ඇත.
දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 47 දෙනෙකු හමුව ඇති බවත් මින් වැඩිම පිරිසක් ආයෝජන කලාපය කටුනායකින් - 39 ක්, බියගමින් - 2 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 6 දෙනෙකු වන බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 18,177 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කොට ඇති පුද්ගලයන් සංඛ්‍යාව 3,19,142 කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd