(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඊයේ (14) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුළ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොරෝනා ආසාදිතයින් 102 දෙනෙකු හමුව ඇති බවත් එම කාලය තුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 648 ක් වාර්තාවී ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන්ය.
පැය 24 තුල දිස්ත්‍රික්කයේ රෝහල් වෙත ප්‍රතිකාර පිනිස ආසාදිතයින් 324 දෙනෙකු ඇතුලත් කොට ඇති අතර ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,551 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබේ.
වෙබ් අඩවියෙහි සදහන්ව ඇති අන්දමට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට මීරිගම කොට්ඨාසයෙන් ආසාදිතයින් - 87 දෙනෙකු , බියගම - 83 ක්, මහර - 63 ක්, දොම්පෙ - 54 ක්, කැලණිය - 53 ක්, වත්තල - 51 ක්, දිවුලපිටිය - 41 ක්, ගම්පහ - 32 ක්, ජාඇල - 22 ක්, රාගම - 21 ක්, සීදූව - 20 ක්, අත්තනගල්ල - 10 ක්, මීගමුව - 5 දෙනෙකු සහ කටාන කොට්ඨාසයෙන් පස් දෙනෙකු පැය 24 ක් තුල වාර්තාවී ඇත.
දිස්ත්‍රික්කයෙහි ඊයේ උදෑසන වනවිට පුද්ගලයින් 302,709 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd