IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 513 ක්

( තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා  ආසාදිතයින් 513 දෙනෙකු  හමුව ඇත.

දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරන අන්දමට  දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට  59,017  ක් දක්වා ඉහළ ගොස් තිබේ.  

පැය 24 ක කාලය තුල  57 දෙනෙකු බැගින් වැඩි වශයෙන්  ආසාදිතයින් හමුවීම මහර සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ජාඇල  - 47 ක්,  කටාන  - 44 ක්,  දොම්පෙ  - 43 ක්,  කැලණිය, වත්තල සහමීරිගම  කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින්  - 37 දෙනෙකු බැගින්, අත්තනගල්ල  - 30 ක්,  මිනුවන්ගොඩ  සහ සීදූව කොට්ඨාසයන්ගෙන්  - 24 දෙනෙකු බැගින්,  දිවුලපිටිය, ගම්පහ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 20 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් 16 දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

පැය 24 ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ආයෝජන කලාපය කටුනායකකින්  - 19 ක්, බියගමින්  - 4 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව  - 7 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,711 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,24,989 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (0)

පැය 24 කදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 513 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 26 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2508 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site