( තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 513 දෙනෙකු හමුව ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරන අන්දමට දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 59,017 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පැය 24 ක කාලය තුල 57 දෙනෙකු බැගින් වැඩි වශයෙන් ආසාදිතයින් හමුවීම මහර සහ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන්ගෙන් වන අතර සෙසු කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් හමුවීම ජාඇල - 47 ක්, කටාන - 44 ක්, දොම්පෙ - 43 ක්, කැලණිය, වත්තල සහමීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 37 දෙනෙකු බැගින්, අත්තනගල්ල - 30 ක්, මිනුවන්ගොඩ සහ සීදූව කොට්ඨාසයන්ගෙන් - 24 දෙනෙකු බැගින්, දිවුලපිටිය, ගම්පහ සහ රාගම යන කොට්ඨාසයන්ගෙන් - 20 දෙනෙකු බැගින් සහ මීගමුව කොට්ඨාසයෙන් 16 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක් තුල කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ආයෝජන කලාපය කටුනායකකින් - 19 ක්, බියගමින් - 4 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව - 7 දෙනෙකු වශයෙන් සිදුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,711 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි පුද්ගලයින් 3,24,989 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd