(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොරෝනා රෝග ආසාදිතයින් පැය 24 ක කාලය තුල 514 දෙනෙකු වශයෙන් වාර්තා වී ඇති බවත් එම කාලය තුල කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් 100 දෙනෙකු වන වැඩි පිරිසක් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
අද (30) උදෑසන වනවිට ගතවූ පැය ගතවූ පැය 24 තුල දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම, දොම්පෙ - 48 ක්, වත්තල - 46 ක්, මිනුවන්ගොඩ - 43 ක්, කටාන - 41 ක්, මීරිගම - 40 ක්, බියගම - 38 ක්, ගම්පහ සහ මහර කොට්ඨාසයන්ගෙන් - 30 දෙනෙකු බැගින්, මීගමුව - 26 ක්, සීදූව - 23 ක්, රාගම - 22 ක්, දිවුලපිටිය - 15 ක් සහ අත්තනගල්ල - 12 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
අද වන විට කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් හමුවීම 52,061 දෙනෙකු වශයෙන් සදහන්ව තිබූ අතර පැය 24 ක කාලය තුල ආසාදිතයින් 241 දෙනෙකු ප්‍රතිකාර පිනිස රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත. මින් 74 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානට ඇතුලත් කොට ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 45 දෙනෙකු හමුව ඇති අතර එය ආයෝජන කලාපය කටුනායකින් - 32 ක්, බියගමින් - 5 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව 8 දෙනෙකු වශයෙනි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,099 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 3,17,047 දෙනෙකු පී සී ආර් පරීක්ෂණයකට භාජනය කොට ඇති බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd