
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ හෙද සොයුරියකගේ දියණියක කොරෝනා ආසාධිත රෝගියෙකු බවට අනාවරණ වීමත් සමගම එම දැඩි සත්කාර ඒකකය ඊයේ (09) රාත්‍රී සිට තාවකාලිකව වසා දැමීමට පියවර ගත්බව පානදුර මූලික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.
ඒ වනවිට එම දැඩි සත්කාර ඒකකය තුළ සේවය කරමින් සිටි වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු පමණ එම දැඩි සත්කාර ඒකකය තුළම ස්වයං නිරෝධායනයට ලක්කළ බවත් ඔවුන් අද පී.සී.ආර්. පරීක්ෂණයට භාජනය කරන බවත් රෝහල් අධ්‍යක්ෂකවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

COMMENTS
මම නම් මේ පාර ආපු කොරෝනා තේරුම් ගන්න බැරුව තාම ඉන්නේ. මේක හරියට ආණ්ඩුව කොරෝනා හයියෙන් අල්ලන් ඉඳලා අතෑරියා වගේ වැඩක්. ඔක්කොම ගිය පාර වගේ. හැමතැනම කොරෝනා පැතිරෙනවා. වැඩපළවල් වල. ඉස්පිරිතාලවල, ළමයින්ට. හාමුදුරුවරුන්ට. වැඩිහිටියන්ට. කොරෝනා ලෙඩ්ඩු හැඟෙනවා. තව කොරෝනා ලෙඩෙක් ඉස්පිරිතාලෙන් පැනලා යනවා. ඉස්පිරිතාල, කොරෝනා මධස්ථාන පිරිලා ඉතිරිලා කියලා මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන් ගේන එක නවත්තනවා. අයින් කරපු අජිත් රෝහණ ආපහු ගේනවා. ජයරුවන් බණ්ඩාර අයින් කරනවා. ෆේස්බූක් එකේ ළමයෙක්ව අත්අඩංගුවට ගන්නවා. ගිය පාර ප්‍රවෘත්තිම නැවත කියවනවා වගේ. හැබැයි එකම වෙනස ගිය පාර මාස 3ට එළියට ආපු ප්‍රවෘත්ති මේ පාර දවස් තුනට, හයට එළියට ආපු එක. සෑහෙන්න අසාමාන්‍යයි. මොකක්ද මේ හදිස්සිය? නිකම් හිතුවාද කවුරුවත්...?
මේ පාර කොරෝනා පටන් ගත්තේ කොහෙන්ද? ලොකුවට කොරෝනා පැතිරෙන්න පහසුම තැනකින්, ඇඟලුම් කම්හලකින්... ස්ථානය බ්‍රැන්ඩික්ස්. නම අහපු ගමන් මොකක්ද මතකයක් අලුත් වුණා. මේ ඇඟලුම් කම්හල ආණ්ඩුවට හුඟක් සමීප එකක්... පහුගිය කොරෝනා කාලේ බ්‍රැන්ඩික්ස් ආයතනයට ලැබුණු ඩොලර් මිලියන 200ක මුහුණු ආවරණ ඇනවුම සංකේතාත්මක විදිහට ඇමරිකන් තානාපතිට බාර දුන්නේ බැසිල් රාජපක්ෂ. දැන් මේ පාර කොරෝනා ගැන කතාව ආවේ හරියටම ලංකාවට අති වැදගත් සංශෝධනයක් ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විභාග කරන අවස්ථාවක... මේ සංශෝධනය වැදගත් වෙන්නේ සහ විශාල මහජන අවධානයක් සහ විරෝධයක් ගොඩ නැගෙන්නේ... ඒක රටට ඉතාම අහිතකර නිසා සහ එම්සීසී ගිවිසුම අත්සන් කිරීමට මාර්ගය හදා ගැනීමක් නිසා. ඒ ගැන ගොඩක් ලියලා තියෙන නිසා නැවත ලියන්නේ නැහැ...
කොරෝනා හරියටම ආවේ ශ්‍රේෂ්ඨාධිකරණ වාචික දේශනා ඉවරවෙලා ලිඛිත දේශනා 6 වෙනිදා ගන්න කිව්වට පස්සේ. නීතිපතිත් තමන්ගේ කරුණු දැක්වීම අවසන් කිරීම 5 වෙනිදාට වෙන්න තියෙන කොට... දැන් ඒ දවස් පහුවෙලා, ඒ ගැන කිසිම ප්‍රවෘත්තියක් කිසිම මාධ්‍යයක නැහැ. හේතුව කොරෝනා ප්‍රවෘත්තිවලින් මාධ්‍ය පිරිලා, වැහිලා. මේ වෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ තීන්දුව ජනාධිපතිට සහ කතානායකට යවලා ඉවරයි. ඒ ගැන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ 20 වෙනිදා... ජනාධිපති සහ පොහොට්ටුවේ නිර්මාතෘ වගේම 20 වෙනි සංශෝධනයේ නිර්මාතෘත් ඡන්ද වැනි විශේෂ දේවලට දින නියම කිරීමේ අපූරු මෝස්තරයක් තියෙනවා. ජනාධිපතිවරණය ප්‍රතිඵල එන්නේ මහින්දගේ උපන්දිනය දවසට. කලින් මහ මැතිවරණය තියලා ප්‍රතිඵල එන්න තිබ්බේ අප්‍රේල් 27 බැසිල්ගේ උපන්දිනයට. පස්සේ ඒක කල් ගිහින් නැවත ජනාධිපතිවරණයට දින නියම වුනේ ජූනි 20, ජනාධිපතිවරයාගේ උපන්දිනය දවසට. පස්සේ ඒකත් කල් ගිහින් ඡන්දය තියලා ප්‍රතිඵල නිකුත් වුනේ ඔහුගේ විවාහ සංවස්තරය දවසේ... අගෝස්තු 6. දැන් 20 පාර්ලිමේන්තුවට ගේන්නේ ඔක්තෝබර් 20. කාගේ උපන්දිනයද දන්නේ නැහැ. හැබැයි මාසේ නැතත් දිනය 20 කියන්නේ උපන්දිනයක්. එතකම් කොරෝනා තියෙයි. පස්සේ හොඳවෙයි වගේ...
බලන්න. මුළු රටම කොරෝනා ගැන කලබලෙන්... හැබැයි පාර්ලිමේන්තුව නිසොල්මන්. මන්ත්‍රීවරුත් නිසොල්මන්... මතකද ගිය අවුරුද්දේ පාස්කු දා මහා විනාශය එනකොට දේශපාලකයන්ගේ තිබ්බ නිහඬතාවය? පාස්කු ප්‍රහාරය ගැන ජනාධිපති, අගමැති, පාර්ලිමේන්තුවේ 225, වෙන්ඩ ජනාධිපති, පොහොට්ටු නිර්මාතෘ ඔක්කොම දැනගෙන ඉඳලා නිසොල්මනේ හිටියා. ජනාධිපති පිටරට සංචාරයකට ගියා. වෙන්ඩ ජනාධිපතිත් බෙහෙත් ගන්න පිටරට ගියා. පස්සේ හරින්ගෙන් තමයි රටම දැන ගත්තේ පාස්කු ප්‍රහාරය ඔක්කොම දැනගෙන හිටිය කියලා. දැනුත් මට ඒ නිසොල්මනම දැනෙන්නේ පුරුද්දටද? නැත්නම් ඇත්තටම භයානක නිහඬතාවයක් නිසාද?...
හර්ෂ ද සිල්වා කිව්වා මහින්දත් ජෝර්ජ් බුෂ් එක්ක එකතු වෙලා එම්සීසී අත්සන් කරන්න හැදුවලු. ඒ කාලේ එම්සීසී ගිවිසුමේ කොන්දේසි මොනවද කියන්නේ නැහැ. හර්ෂත් සහයෝගය දුන්නු යහපාලන ආණ්ඩුව, එම්සීසී අත්සන් කරන්න ඇමරිකාවට ආර්ථික කොරිඩෝවක් පොරොන්දු වුණා. මහින්ද එහෙම පොරොන්දු වුණාද? මහින්ද කවදාවත් රට පාවා දෙන ගිවිසුම් අත්සන් කරන්නේ නැහැ. හර්ෂගේ කතාවෙන් තේරෙන්නේ.., 20වෙනි සංශෝධනය ගේන්නේ එම්සීසී ගිවිසුමට පාර හදාගන්න නිසා.., සමගි ජනබලවේගය 20ට පක්ෂ වෙනවා කියන එකද? මේ දවස්වල ආණ්ඩුවේ සිංහයින් 100ක් මී පැටියෙකුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරලා... හැබැයි ඒක නැගලා ගියේ නැහැ. හේතුව ඔය 100, ලියුම දුන්නේ 20ට විරුද්ධව නොවෙන නිසා. මුස්ලිම් මී පැටව් ඉස්සරහ සිංහයෝ වෙන ආණ්ඩුවේ මන්ත්‍රීවරු, ඇමරිකන් ජනාධිපති සහ පොහොට්ටුවේ ඇමරිකන් නිර්මාතෘ ඉස්සරහ මී පැටව්.
ඔන්න භයානකම ප්‍රවෘත්තිය. මම මීට කලින් වේලාසනම කිව්වා මහා කලබලයකින් 20 වෙනි සංශෝධනය ගේන්නේ ඇමරිකන් ජනාධිපතිවරණයට කලින් එම්සීසී ගිවිසුම අත්සන් කරන්න කියලා. හරියටම හරි. ඇමරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් 3 වෙනිදා. දැන් ඔක්තෝබර් 28 ඇමරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ ලංකාවට එනවලු, දවසකට, දවසකට!!! මොකටද? වෙන මොකටද, 20 වෙනි සංශෝධනය සම්මත කරගත්තාට පස්සේ, ජනාධිපති එක්ක එම්සීසී ගිවිසුම අත්සන් කරන්න!!! පොම්පේයෝ මුලින් ඉන්දියාවට ඇවිල්ලා ඊට පස්සේ ලංකාවට එනවා. ගිය පාරකුත් මේ යකා මෙහෙම එන්න ආවා. දැන් පේනවනේ එක පාරට කොරෝනා ආවේ කොහොමද කියලා. ලංකාවේ ඉන්න සියලු සිංහයින්ට කියන්නේ. නැගිටපල්ලා!!! සිරිසේන රනිල් හරහා ලංකාව බිලිගන්න, ඇමරිකන්කාරයින් මහින්දව පරද්දපු වෙලාවේ සිංහල සිංහයෝ නැගිට්ට විදිහටම, නැවත ඇමරිකාව, ඇමරිකන් පුරවැසියෙක් හරහා ලංකාව බිල්ලට ගන්න හදන එකට එරෙහිව නැගිටපල්ලා!!! කළු කොඩි ඔසවමු. ඇඳිරි නීතිය දාන්නත් ඉඩ තියෙනවා. මේ වගේ ජාතිද්‍රෝහීන් දේශ ද්‍රෝහීන් බලයට ගෙනාපු හාමුදුරුවරුත් දැන්වත් අවදිවෙමු. කොරෝනා ආවේ මොකටද කියලා දැන් තේරෙනවා නේද?