(රොමේෂ් මධුෂංඛ)
විදෙස් රටවල සිට ශ්‍රී ලංකාවට පැමිණි පුද්ගලයින්ගෙන් 580 දෙනෙකු ගුවන් හමුදාව විසින් උතුරු පළාතේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයන්හි මේ වන විට නිරෝධායන කටයුතුවල නිරත වන බවට ගුවන් හමුදාව පවසයි.
ගුවන් හමුදා අණදෙන නිලධාරී එයාර් මාෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් පරිදී වන්නි දිස්ත්‍රික්කයේ , කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි පිහිටා ඇති ගුවන් හමුදා කඳවුරුවල නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා පුද්ගලයින් නිරෝධායනය කිරීම සඳහා පියවර ගෙන ඇත.
වන්නි නිරෝධායනය මධ්‍යස්ථානයේ පුද්ගලයින් 206 දෙනෙකුද , කිලිනොච්චිය ඉරණමඩු මධ්‍යස්ථානයේ පුද්ගලයින් 171 දෙනෙකුද , මුලතිව් කේපාපිලව් මධ්‍යස්ථානයේ පුද්ගලයින් 203 දෙනෙකුද නිරෝධායනය වන බවට ගුවන් හමුදාව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd