(එච් . චන්දන )

පුත්තලම නගරයේ 617 ඒ ග්‍රාමසේවා වසමේ ජෙ.පි මාවතේ අහඹු ලෙස පුද්ගලයින් 92 සිදු කළ පී සී ආර් පරීක්ෂණ වලදී 21දෙනකුට කෝරෝනා වෛරසය ආසාදිත වී ඇති බව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය කියයි.

එම නිසා එම ප්‍රදේශයේ නිවාස 50 ආසන්න ප්‍රමාණයක් හුදකලා  කළ බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.

දැනටමත් එම ප්‍රදේශ වසා දැමීමට ඉහළට කරුණු වාර්තා කර ඇති බවත් ඒ සදහා අනුමැතිය ලද විගස මෙම ප්‍රදේශයට ඇතුල් වන පිට වන මාර්ග සියල්ල වසා දැමීමට කටයතු කරන බව පුත්තලම මූලස්ථාන පොලීසිය පවසයි.