IMG-LOGO

“නාවික සෙබළා ඇතුළු පවුලේ 6 ක් පුත්තලම රෝහලේ කොරෝනා ඒකකයට’

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
වැලිසර මහසෙන්  නාවුක කදවුරේ සිට නිවාඩු ලබා කරුවගස්වැව  කුඹුක්කල්ල ප්‍රදේශයේ නිවසට පැමිනි සිටි නැවියා ඇතුළු පවුලේ හය දෙනෙකු පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට රැගෙන ආ බව කරුවලගස්වැව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ඒ.එච්.එම්. ජේ.කේ. අබේරත්න මහතා පවසයි.
 
මෙම නාවික නැවියා නිවාඩු ලබා නිවසට පැමින සිටියදී කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් 24 දින නිවසේ පිරිස සමග නිරෝධායනයට ලක්කර තිබු බවත් (අද ) 25 දින මෙම නිවැසියන් පිරිස යම් ආසාධිත තත්වයක් පෙන්නුම් කිරිමත් සමග පුත්තලම මුලික රෝහලේ කොරෝනා ඒකකයට ඇතුලත් කර තිබුණි.
 
එසේ කොරෝනා ඒකකයට ඇතුලත් කල නාවුක නැවියා ,ඔහුගේ බිරිද , දරු දෙදෙනා හා මව් පියන් ඇතුළු හය දෙනාගේ ජෛව පටල සාම්පල රෝහල් කොරෝනා ඒකකයෙන් ලබා ගෙන පරික්ෂණ සදහා යොමු කළ බව පුත්තලම මුලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා පවසයි .
 
මේ සමගම වැලිසර නාවුක කදවුරේ සිට නිවාඩු ලබා පැමිණි කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කොඨඨාශයේ තබ්බෝව ,නවගත්තේගම, ඉගිනිමිටිය ,කළාඔය, මහජන සෞඛ්‍ය පරික්ෂක කේෂත්‍ර තුළ  තවත් නැවියන් හය දෙනෙකු හා ඔවුන්ගේ පවුල් වල පිරිස් නිරෝධායකයට මේ වන විට ලක්කර ඇති බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අබේරත්න මහතා පවසයි.  
 



අදහස් (0)

“නාවික සෙබළා ඇතුළු පවුලේ 6 ක් පුත්තලම රෝහලේ කොරෝනා ඒකකයට’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 540 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 709 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site