(විනීතා එම්. ගමගේ)

මහජන සෞඛ්‍යය  පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් නිරෝධායනය වන පවුල්වල ඡන්ද අයිතිය අනතුරේ වැටෙන්නට ඉඩ ඇතැයි  නිරීක්ෂණ සංවිධාන  පෙන්වා දෙති.

ස්වයං නිරෝධායනය  වන පවුල් පිළිබඳ සියලු තොරතුරු දන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත් ඒ අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ගේ වර්ජනය හේතුවෙන් මෙම පවුල් පිළිබඳ තොරතුරු ලබා ගැනීම පවා ප්‍රශ්නකාරී  වනු ඇතිිි බවත්  මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා ලංකාදීපයට පැවැසීය

නිරෝධායනය වන පවුල්වල සාමාජිකයන්ට ඡන්දය භාවිතා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසීමේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය නොමැතිව එම කටයුතු සිදු කළ නොහැකි බවද ගජනායක මහතා කීය

ස්වයං නිරෝධායනය වන ඡන්ද ඡන්දදායකයින්ගේ ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු කරුණු ගැන සලකා බැලීම සඳහා මේ වන විට කමිටුවක් පත් කොට ඇති අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද එම කමිටුව නියෝජනය කරන බව හෙතෙම  සඳහන් කළේය.

එකී කමිටුවට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන වෙනුවෙන් තමන් සහභාගි වූ බැවින් මේ තත්ත්වය වඩාත් පැහැදිලි වූ බවද බවද ගජනායක මහතා කීය.

අදාල සියලු අංශ මැදිහත් වී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කොට ඔවුන්ට යළි රාජකාරි ආරම්භ කිරීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කළ යුතු යැයි ද ගජනායක මහතා කියා සිටියේය.

ඡායාරූපය - ගයාන් අමරසේකර (පුස්තකාල ඡායාරූපයකි)

 

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙනුවෙන් විරෝධතාවක්...