අනීෂා මානගේ
ඇඳිරි නීතිය අද අලුයම 5.00ට ඉවත් කිරීමෙන් අනතුරුව ප්‍රමාණවත් තරම් ප්‍රවාහන පහසුකම් නොමැති වීමෙන් මගී ජනතාව විශාල පිරිසක් තංගල්ල බස් නැවතුම්පොළෙහි රැඳි සිටි ආකාරය දක්නට ලැබුණු අතර බස් රථවල නියමිත ප්‍රමාණයට වඩා මගීන් රැඳි සිටි ආකාරයද දක්නට හැකිවිය.
මාතර තංගල්ල හරහා තිස්සමහාරාම, තංගල්ල - වලස්මුල්ල, තංගල්ල - කිරින්ද, තංගල්ල - රැකව, තංගල්ල - හම්බන්තොට සහ මාතර සිට කතරගම ප්‍රදේශවලට ගමන්කරන බස් රථ කිහිපයක් දක්නට හැකි විය.
තංගල්ල මධ්‍යම බස් නැවතුම්පොළෙහි බොහෝ බස් රථවල මගී ජනතාව විශාල ලෙස ඒකරාශී වී සිටි ආකාරයද දක්නට හැකිවිය.
තංගල්ල නගරයේ මත්පැන් අලෙවිසැල් අසල දිගු පෝළිම් තිබිණි .
එම මත්පැන් අලෙවිසැල් විවෘත කිරීමට පෙර සිටම මෙලෙස දිගු පෝළිම් දක්නට ලැබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල අයනේ ඒකට කමක් නැහැ.
ඔය තියෙන්නේ මීටරේ අපුරුවට. මේ ආණ්ඩුව මේක කොහෙන් කෙලවර කරයිද කියල මට හිතාගන්නවත් බැහැ.
කෝ මේකේ බාර් පෝලිම දාලා නැහැනෙ. කට්ටියගෙ සතුටු සිනාපිරි මුහුනවල්ටික දැකගන්න
මෙවැනි තීන්දු ගන්නා විට මගීන්ට මේ තත්වය ඇතිවන බව අපේ රටේ තීන්දු ගන්නා නිලධාරීන්ට නොවැටහෙන්නේ ඇයි?