(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව  652 දක්වා ඉහල ගොස් ,ආසාදිත මරණ සංඛ්‍යාව 17 දක්වා ඉහල ගොස් ඇති බව සෞඛ්‍ය අංශ කියයි.

ඒ  අනුව නිකවැරටිය කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 303 හා ආසාධිත මරණ 06 ක් ලෙසද ,කොබෙයිගනේ කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 225ක් හා මරණ සංඛ්‍යාව  10 ක්  ලෙසද, දක්වාද ,කොටවෙහෙර කොට්ඨාශයේ කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව  57 ක් හා ආසාධිත මරණ සංඛ්‍යාව  01 ක් ලෙසද, ,රස්නායකපුර කොට්ඨාශයේ  කොරෝනා ආසාදිතයින් ගේ සංඛ්‍යාව 67 ක් ලෙසද  ,ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

 කොරෝනා තෙවන රැල්ලේදී මේ වන විට නිකවැරටිය මැතිවරණ කොට්ඨාශයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ දැඩි අවධානමක් පවතින බැවින් සියලු ජනයා සංචරණ නීති   උල්ලංඝනය නොකරමින් ,සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතව එදිනෙදා කටයුතු වල නිරත වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.

අනවශ්‍ය ගමන් බිමන් වලින් හා ඒකරාශී වීම් වලින් වැලකී සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් ,කොරෝනා වසංගත තත්වය මර්ධනය කිරීමට සහය වන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දී සිටියි.