(සුජිත් හේවාජුලිගේ)
වේගවත් පැතිරීමක් සහිත ඩෙල්ටා සැර කොරෝනා වයිරස ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයන් 14 දෙනෙකු දිවයිනේ දිස්ත්‍රික්ක හතරකින් සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති .
මේ සැර කොරෝනා ආසාදිතයන් හමුවී ඇත්තේ කොළඹ ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලිනි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ නගර සභා ප්‍රදේශය ,කොළොන්නාව සහ අංගොඩ යන ප්‍රදේශවලින් ආසාදිතයන් මෙලෙස හමුවී ඇත .
ඩෙල්ටා සැර කොරෝනා ආසාදිතයන් 14 දෙනා හමුවී ඇත්තේ දිවයින පුරා කොරෝනා රෝගීන්ගෙන් අහඹු ලෙස ලබා ගත් ජෛව පටල සාම්පල එකසිය හතළිස් දෙකක් පරික්ෂා කිරීමේදීය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති වේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන ලදී .
ඩෙල්ටා සැර කොරොනා ආසාදිත දස දෙනෙක් සෞඛ්‍ය අංශ විසින් මෙයට පෙරද සොයා ගනු ලැබූහ .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
දිස්ත්‍රික්ක හතරකින් ඩෙල්ටා ආසාදිතයෝ තවත් දාහතරක්
මහසෙන් Saturday, 03 July 2021 05:22 PM
ඊළඟ එකත් ළඟළඟම එනවා.
bandara Saturday, 03 July 2021 08:35 PM
225 ට වඩා 14 අඩුයි. ඒ නිසා ඔහොම යමු...