මේ වන විට දිවයින පුරා පනවා තිබෙන ඇඳිරි නිතිය කොළඹ, ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්කයන්ට අඟහරුවාදා උදැසන 6 දක්වා දිර්ඝ කර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
එදිනම එනම් 24 වැනිදා අගහරුවාදා දහවල් 2ට ඒ ඒ දිස්ත්‍රිකවල නැවත ඇදිරිනීතිය පනවනු ලැබේ.
සෙසු දිස්ත්‍රික් වල ඇදිරිනීතිය මාර්තු 23 සදුදා උදේ 6 ට ඉවත් කෙරෙන අතර නැවත එදිනම දහවල් 2 සිට ක්‍රියාත්මක වේ.
ඒ අනුව මෙම දස්ත්‍රික්කයන්ට පනවනු ලබන ඇදිරිනීතිය 24 අගහරුවාදා උදේ 6 තෙක් බලපැවැත්වෙන බද එම නිවේදනයේ සඳහන්ය.
සියලු දිස්ත්‍රිකක්යන්හි ඇඳිරිනීතිය පැනවීම පිළීබද පසුව දැනුම් දෙන බවද ජනාධිපති ලේකම් කාර්යාලය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට ඇඳිරි නීතිය දාන්න ගියොත් කොරෝනා නිසා නෙවෙයි මිනිස්සු මැරෙන්නේ බඩගින්නේ ඉඳලා. ඇඳිරිනීතිය දාන කොට එදා වේල හම්බ කරගෙන තුන් වේලම කඩෙන් කන බොන බෝඩිම් වල ජිවත් වෙන මිනිස්සුත් ලංකාවේ ඉන්න බව අපේ උගත් දේශපාලන ප්‍රජාව අමතක නොකලොත් හොඳයි.
සරල විශබීජ නාශකයක් වන ලුනු වතුරෙන් කොරෝනා වයිරසය විනාස වන්නේ දැයි උගත් විද්වත් වෛදයවරුන් ගේ මතය මෙලෙසම ප්‍රකාශ කරන්නේ නම් මැනවි. එය එසේ වන්නේ නම් බවුසර් පිටින් ගෙනවිත් පලාත් පිටින් විශබීජ හරනය කිරීම ඉතා පහසු වේ.
මේ ආණ්ඩුවට තේරෙන්නෙ නැද්ද මිනිස්සු කොහොමද කන්නේ කියලා රජයේ සේවකයන්ට පඩි නැහැ.
උදෙ 6 ඉදන් 2ක වෙනකම් කාලය හොදටම මදි. දැන් මිනිස්සු තෙරපි තෙරපි රොතු පිටින් එකතු වෙයි බඩු ගන්න.