ලෝක ප්‍රකට දකුණු අප්‍රිකානු විද්‍යාඥවරියක වන මහාචාර්ය ගීතා රම්ජි, කොවිඩ් - 19 ආශ්‍රිත සංකූලතා හේතුවෙන් මියගොස් ඇතැයි වාර්තා වේ.
ඇය HIV සහ TB රෝගය සම්බන්ධ පර්යේෂණ සිදුකළ ඕරම් ආයතනයේ ප්‍රධාන විද්‍යාත්මක නිලධාරියා ලෙස සේවය කළේය.
දකුණු අප්‍රිකාවේ වෙරළබඩ නගරයක් වන ඩර්බන්හි දී ඇය මියගිය බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.
මාර්තු මස මැද භාගයේදී බ්‍රිතාන්‍යයේ සිට දකුණු අප්‍රිකාවට පැමිණීමෙන් පසුව ඇය රෝගාතුර වූවාය.
ඇය බ්‍රිතාන්‍යයට ගොස් තිබුණේ ලන්ඩන් සනීපාරක්ෂක හා නිවර්තන වෛද්‍ය විද්‍යාලයේ සම්මන්ත්‍රණයකට සහභාගී වීම සඳහාය.ඇය එම වෛද්‍ය විද්‍යාලයේ මෙන්ම වොෂ්න්ටන් විශ්ව විද්‍යාලයේ සහ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ගෞරව මරාචාර්යවරියක ලෙස කටයුතු කළාය.
ලෝකයේ වැඩිම HIV ආසාදිතයන් ප්‍රමාණයක් සිටින්නේ දකුණු අප්‍රිකාවේ ය. මහාචාර්ය රම්ජි කාන්තාවන්ගේ HIV ආසාදන වැළැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්දව වසර ගනනාවක් තිස්සේ කැපවී ක්‍රියාකළ විද්‍යාඥවරියකි.
ඇය ඇතුළු කණ්ඩායමේ කාර්යභාරය හේතුවෙන් මේ වනවිට දකුණු අප්‍රිකාවේ නව HIV ආසාදන ශුන්‍ය වී තිබේ.
මහාචාර්ය රම්ජිගේ සේවය ලෝකයට අවශ්‍යම වකවානුවක ඇය මියගිය බවත් එය දැරිය නොහැකි දැවැන්ත පාඩුවක් බවත් එක්සත් ජාතීන්ගේ ආධාර කණ්ඩායමේ ප්‍රධානී විනී බයනිමා පවසයි.
දකුණු අප්‍රිකාවේ උප ජනාධිපති ඩේවිඩ් මබුසා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, "මහාචාර්ය රම්ජිගේ අභාවය එච් අයි වී සහ ඒඩ්ස් වලට එරෙහි ගෝලීය අරගලය ඇතුළු සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයටම සිදුවූ විශාල පහරක්" බව යි.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇය මේ ලෝකයට මහඟු සේවාවක් කර විද්‍යාඥ වරියක් අප්‍රිකානුරටවල ඒඩ්ස් සම්ම්බන්දයෙන් . ඔබ කල සේවය අමරණීයයි
ඔබ කල සේවය සදා අමරණීයයි.. නිවන්සුව ලැබේවා!