( එම් .සුසිල් ප්‍රියන්ත හා රවී ලියනගේ )
බද්දෙගම වාරිමාර්ග යාන්ත්‍රිය ප්‍රාදේශිය ඉංජිනේරු අංශය නිර්මානය කල ස්වයංක්‍රීයව තත්පර දහයෙන් විෂබිජහරණය කිරීමේ කුටිය අද (15 ) කරාපිටිය ශික්ෂණ රෝහලේ ස්ථාපිත කලේය .
ස්වයංකීය විසබීජහරණය කිරීමේ කුටියක් කරාපිටිය රෝහලේ ස්ථාපිත කරනු ලැබූවේ මේ පලමු වරටය.
මෙතෙක් කලක් එම රෝහලට මෙවැනි විසබීජහරණය කිරීමේ කුටියක් නොතිබිණි .
බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශිය යාන්ත්‍රිය ඉංජිනේරු කාර්‍යාලයේ නිලධාරීන් රුපියල් 120,000ක සිය පුද්ගලික ධනය මේ සදහා වැය කර තිබේ.
වෙනත් රෝහලකට මෙවැනි කුටියක් අවශ්‍යවේ නම් ඒ සදහා අවශ්‍ය බඩු බාහිරාදිය දුනහොත් තමන්ට මේ කුටිය නොමිලයේ සාදා දිය හැකි බව බද්දෙගම වාරිමාර්ග ප්‍රාදේශීය යාන්ත්‍රීය ඉංජිනේරු කාර්‍යාලයේ ස්ථානභාර ප්‍රධාන ඉංජිනේරු අංජුල ප්‍රේමරත්න මහතා පැවසීය .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට තවතවත් නිර්මාණ කිරීමට ඥානය ලැබේවා !! සහභාගි සැමටම යහපතක්ම වේවා !
හොඳ අඩිතාලමක්. සියලු රෝහල් සඳහා මෙවැනි කුටි ස්ථාපිත කර හැමදාම භාවිතයට ගත්තොත් රෝහල තුලට එන විෂබීජ නැතිවෙනවා නොවේද? ඒවගේම රෝහලෙන් පිටවයන සියලුදෙනාටම මෙවැනි කුටි තුලින් ගමන් කිරීමට සැලැස්වීමෙන් රෝහල තුලින් පිටවිය හැකි ආසදිතද වැලැක්විය හැකි නොවේද? අවසාන ප්‍රතිඵලය වනුයේ බෙහෙත් වලට හා නඩත්තු සඳහා යන වියදම් තරමක් දුරට හෝ අඩුකර ගැනීමට හැකිවේවි...!!!
මෙහි කාර්‍යාලයේ නම දිසා යාන්ත්‍රික ඉංජිනේරු කාර්යාලය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, හල්පාතොට, බද්දේගම ලෙස හා මුදලින් දායකත්වය දැක්වුයේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ යාන්ත්‍රික ඉංජිනේරුවන් ලෙස නිවැරදි විය යුතුය. දැක්වූ සහයෝගයට බෙහෙවින් කෘතඤ වෙමි.