(මහින්ද නිශ්ශංක)
ඩීසල් සහ පෙට්‍රල් ලීටර් 81,200 ක් රැගත් ටැංකි 14 කින් සමන්විත දුම්රියක් අද (23) පෙරවරු 9 ට කොලොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සිට පේරාදේණිය දක්වා ධාවනය වූ බව ලංකාඛනිජ තෙල් සංස්ථාව පවසයි.
තවත් පෙට්‍රල් සහ ඩීසල් 40,000 අඩංගු තවත් දුම්රියක් අද දහවල් 12ට මඩකලපුව බලා පිටත්වය යාමට සැළසුම් කර ඇතැයිද සංස්ථාව කියයි.
මීට අමතරව පෙට්‍රල් සහ ඩීසල් ලීටර් ලක්ෂ පහක් අඩංගු තවත් දුම්රියක් අනුරාධපුරයටද ගුවන් යානා ඉන්ධන ලීටර් 40,500 බැගින් අඩංගු තවත් දුම්රිය දෙකක් කටුනායක ගුවන්තොටුපොළ දක්වා ධාවනය කරවීමට සැළසුම් කර ඇතැයි ද සංස්ථාව වැඩිදුරටත් පැවසීය.
ඇදිරිනිය පැනවීමත් සමඟ පසුගිය 20 වැනිදා දුම්රිය ධාවනය නතර කළ පසු අද ධාවනය වන මෙම ඉන්ධන දුම්රිය පළමු දුම්රිය වෙයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ඩීසල්-පෙට්‍රල් රැගත් පළමු දුම්රිය පිටත් වෙයි