(එම් .සුසිල් ප්‍රියන්ත)        

ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් මහතා ඇඳිරි නීතිය දැමීම හේතුවෙන් අවතැන්ව සිටින කරන්දෙණියේ අඩු ආදායම්ලාභී පවුල් 1000 කට අද (16 )  වියළි ආහාර පාර්සල් ලබාදුන්නේය.

මෙම වියළි ආහාර පාර්සල් බෙදාදීම කරන්දෙණිය තරුණ භික්ෂු පෙරමුණේ සභාපති බටගන්විල සීලවිසුද්ධි හිමියන්ගේ ප්‍රධානත්වයෙන්  කරන්දෙණිය  මහගොඩ පාසල් භූමියේදී සිදුකෙරිණි.