කොරෝනා වයිරස වසංගතය චීනය විසින් හිතාමතා සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක වලට මුහුණ දියයුතු බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.
චීන රජය වසංගතය හැසිරවූ ආකාරය සම්බන්දව එල්ලවන විවේචන සැලකිල්ලට ගනිමින් ඔහු මේ බව පවසා තිබේ.
"වසංගතය ආරම්භ වීමට පෙර චීනයට එය නැවැත්විය හැකිව තිබුණා. නමුත් ඔවුන් එසේ කළේ නැහැ. ඒ නිසා දැන් මුළු ලෝකයම දුක් විඳිනවා. එය වැරැද්දක් නම්, වැරදීමකින් සිදුවූ වැරැද්දකි. නමුත් එය ඔවුන් දැනුම්වත්ව සිදුකළ දෙයක් නම් එහි ප්‍රතිවිපාක ඔවුන්ට ලැබිය යුතු යැයි මා විශ්වාස කරනවා" යැයි ට්‍රම්ප් මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ දිනපතා පැවැත්වෙන ධවල මන්දිර සාකච්ඡාවට එක් වෙමිනි.
කෙසේ වුවද මෙහිදී ඇමරිකාව ගන්නා ක්‍රියාමාර්ග ගැන ඔහු කිසිවක් පවසා නැත.
කොරෝනා වයිරස වසංගතය සම්බන්දව විනිවිද භාවයකින් කටයුතු නොකිරීම ගැන මීට පෙර ද ඇමරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ ජ්‍යෙෂ්ඨ සහායකයින් චීනයට චෝදනා කර තිබිණ.
ලෝක සෞඛය සංවිධානය චීනයට විශේෂයෙන් සලකන බව පවසමින් එයට ලබාදෙන ආධාර නැවැත්වීමට ද ඇමරිකානු ජනාධිපතිවරයා දින කිහිපයකට පෙර කටයුතු කළේය.
වයිරසයේ මූලාරම්භය චීනයේ පිහිටි ඇමරිකානු කඳවුරක් බවට මීට පෙර චීන නිලධාරීන් කිහිපදෙනකු නැගූ චෝදනා ට්‍රම්ප් රජය කෝපයෙන් ප්‍රතික්ෂේප කළේය.
කෙසේවුවද විවේචකයින් පවසන්නේ 2020 පැවැත්වීමට නියමිත ඇමරිකානු මැතිවරණයේදී ඡන්ද දායකයින්ගේ චීන විරෝධී මනෝභාවයන් ප්‍රයෝජනයට ගැනීම සඳහා මැතිවරණ ලංසුවක් ලෙස ට්‍රම්ප් චීනය විවේචනය කරන බවයි.
මෙම මාරාන්තික වයිරස අර්බුදය සමග කටයුතු කිරීම සඳහා පෙර නොවූ විරූ ආකාරයේ සහයෝගීතාවයක් අවශ්‍ය මොහොතක ලෝක බලවතුන් වාග් යුද්ධයක පැටලීම නුසුදුසු ක්‍රියාවක් බව රොයිටර් පුවත් සේවය සඳහන් කරයි.
චීනයේ වුහාන්හි වයිරස සම්බන්ද පර්යේෂණ කරන විද්‍යාගාර පිළිබඳව ද ඇමරිකානු ජනාධිපතිවරයා විසින් ප්‍රශ්න කර ඇත.
වයිරස සම්බන්ද පර්යේෂණ කිරීමට චීනය දරන ලද උත්සාහයේ කොටසක් ලෙස කොරෝනා වයිරසය වර්ධනය වී ඇති බවට දින කිහිපයකට පෙර "ෆොක්ස් නිවුස්" ආයතනය මගින් ද වාර්තාවක් නිකුත් කර තිබිණි.
ඇමරිකානු ජනාධිපතිවරයා පවසන්නේ වයිරසය චීන විද්‍යාගාරයකින් නිකුත් වූවාද යන්න සොයාබැලීමට තම රජය උත්සාහ ගන්නා බවයි. ඇමරිකාව පවසා සිටින්නේ වයිරසයෙන් මියගිය සංඛ්‍යාව සම්බන්දව චීනය නිකුත් කළ සංඛ්‍යාලේඛණ පවා විශ්වාස කළ නොහැකි බවයි.විශ්වසනීය තොරතුරු සැපයීම සඳහා චීනයට සදාචාරාත්මක බැඳිමක් ඇති බවද ඔවුහු පවසති.
(රොයිටර් පුවත් ඇසුරිනි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් අඩුවට තියෙන්නේ ලෝක යුද්දේ විතරයි.
ට‍්‍රම්ප් ලොක්කා කොරෝනා අස්සේ ඉල්ලන් කන්න වගේ යන්නේ හතර වටෙන්...
කට විතරයි. කරන මගුලක් නැහැ. ඇමෙරිකාවට අඹ සරණයි...
A වර්ගය වෛරසයේ මූලාරම්භය බව විද්‍යාඥයන් සදහන් කර තිබුනා. චීනයේ තිබුනේ B වර්ගය වන අතර එය පැමිණ තිබුනේ A වර්ග වලින් බවයි විද්‍යාත්මක අදහස. ට්‍රම්ප් උඩ පැන්නාට වැඩක් නැහැ. විද්‍යාව සාක්කි දරනවා ඇත්ත මොකක්ද කියලා.
මේ කොරෝනා වෛරසය 3 වන ලෝක යුද්ධයක් බවට පත් නොවේවා...!
මෙයත් ලබන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වැඩ පටන් අරගෙන වගේයි.
උතුරු කොරියාවට දාන සෙල්ලම චීනෙට දාන්න ගියොත් ලෝක යුද්ධේ කෙසේ වෙතත් , කොරෝනා වලින් තමයි චිනේ ප්‍රතිචාර දක්වන්නේ ඊටපස්සේ
ට්‍රම්ප්ගේ කතාව ඇත්ත හිතාමතාම කරානම්
හැප්පුනොත් රටවල් දෙකම ඉවරයි.
කොරෝන වෛරසය ගැන චීනය ගොඩක් දේවල් වසන් කරන බවනම් මටත් හැඟෙනවා
1919 උණෙන් පසුව යුද්දයක් ,2020 ?
කොවිඩ් -19 සම්බන්ධයෙන් චීනයේ හැසිරීම ගැන අපට සැකයක් පවතී.
ට්‍රම්ප්ට අයිති සියලුම දැවැන්ත සමාගම් වල ප්‍රධාන කාර්යාලය පිහිටි නිව්යෝක් නුවර " ට්‍රම්ප් ටවර් " සුවිසල් ගොඩනැඟිල්ල ගිනිගත් බවට දැන් වාර්තාවක් ප්‍රසිද්ධ වෙලා තියෙනවා.
මෙයා තාම දන්නේ නැද්ද එක ඇඟිල්ලක් අනිකාට දික්කරහම තව ඇඟිලි තුනක්ම තමන්ට දික්වෙන විත්තිය? පිස්සු කෙලින එකේ සීමාවක් තියෙන්න ඕනේ. නිකන් ෂෝ දාන්නේ නැතිව....
පිස්සෙක් නායකයා වුනාම ලෝකයේ බලවත්ම රට වුනත් විනාශයි .
දැනට අවුරුදු 50 පමණ පෙර නිපදවූ ඇමරිකන් භාණ්ඩ නැවත ඔබ රටේම නිපදවන්න. එවිට චීනයට ආර්ථික පහර වදිනවා. ඒ වගේම ඔබ රටේ රැකියා වැඩිවෙනවා. ඒ වගේම ලෝකෙට "කොලිටි" භාණ්ඩ නැවත පාවිච්චියට අවස්ථාව ලැබෙනවා.
ඔබල නිපදවූ අනර්ග කැල්කියුලේටර දැන් නිපදවන්නේ චීනයයි... කොලිටිය අන්තිමයි. පතුරු ගැලවී අතට එනවා...