( නාලක සංජිව දහනායක)
අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි සති දෙකක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලට ගුවන් යානා පැමිණිම නතර කිරීමට කටයුතු යොදා තිබේ.
එම තීරණය හෙට ( 18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙය ක්‍රියාවට නැංන්වේ.
සාමාන්‍ය ජන ජීවිත අඩාල නොවන අයුරින් ආර්ථික හා වෙළඳ කටයුතු මෙන්ම සෙසු අතවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද ජනාධිපතිවරයා ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීනට දැනුම් දී තිබේ.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොරෝනා මර්දන කාර්ය සාධක බලකාය අද (17) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණ ගෙන තිබේ.
මෙම ප්‍රශ්නය ජය ගැනීම සඳහා අවශ්‍ය සියලු දේ කළ යුතු වූවත් රට අකර්මන්‍ය වීමට ඉඩ දිය නොහැකි යැයිද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් නිවැරදි තීරණ ගැනීමට තමන් සූදානම් බව කී ජනාධිපතිවරයා ඒවා ක්‍රියාත්මක කිරීමට සියලු පාර්ශවයන්ගේ සහාය අවශ්‍ය වන බවද පෙන්වා දුන්නේය.


COMMENTS
මේක මෝඩ වැඩක්.. වහන්නේ නැතිව සීමාකිරීම අවශ්‍යයි.. කිසිම සැලැස්මක් නැතිවුණාම ඔහොම කලබලේ වැඩකරනවා...
හතර වටේට වනනවා කලුවරේ
ඉතාලියට පැමිණ සිටින චීන වෛද්‍යවරුන් පවසන්නේ පාවහන් අඩියෙන් කොරෝනා විෂබීජය ගෙය තුලට පැමිණ පැය දහයක කාලයක් පමණ තිබිය හැකි බවයි. මේ ගැන සැලකිලිමත් වන්න.
සිරිසේන මහත්තයා 2015 ජනාධිපතිවරණයට පෙර දුන් ඡන්ද පොරොන්දුවක් ඉටුකරගෙන 2020 මහා මැතිවරණයට ඉදිරිපත්වෙන්න තිබෙන ස්වර්ණමය අවස්ථාවක් ! "මම ජනපති උනොත් එයාපෝට් එක වහලා, සියලු හොරුන් වංචාකාරයන්, කුඩුකාරයන් රටින් පිටවීම වලක්වා, උන් රංචු පිටින් අල්ලා දඬුවම්දී කූඩු කරනවා" කියා එයා කියපු හැටි අපට තවම මතක ඇත... දැන් එක කරන්න මහගු අවස්ථාවක් කරගන්න.
ඉතා හොඳ තීරණයක්.
මේ මොහොතේ දඹදිව යාමත්, මැතිවරණය පැවැත්වීමත් එක හා සමාන ලෙස සැළකිය හැකියි. ගුවන්තොටුපොල වැසීමේ ප්‍රමාදය අද විඳවන්නට සිදුවි ඇති තත්ත්වයට හේතු වී ඇත.
හොද පියවරක්.දැන් පුලුවන් රට ඇතුලේ ඉන්න කට්ටියව සොයාගෙන ඉදිරියට කටයුතු කරන්න ප්‍රධාන දේ ජනතාව දැනුවත්විමයි. සංවර්ධිත රටක් යයි කියන මේ ඉතාලිය ඇතුලු යුරෝපයම කරකියාගන්න බැරිව ඉන්නේ. ප්‍රමාදවීමයි ප්‍රධාන හේතුව.
අශ්වයා ගිය පසු ඉස්ථාලය වහලා වැඩක් නැහැ කියන්නේ මේකයී. ඒත් පහුවෙලා හරි මේ තීරණය ගත් එක ගැන ස්තුති වන්ත වෙමු..
මේවා ලේසි පහසු තීරණ නොවේ ,රටේ ආර්ථියක, ආරක්ෂාව ,සෞඛ්‍ය ගැන හිතලම ගන්න අමාරු තීරන . සහය දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් ජනතාවට නැත !
පහුවෙලා හරි නිවැරදි තීන්දුවක් ගැනීම වැදගත්.
ඔව් මේ වගේ දැඩි තීන්දු ගන්න වුවමනායි.
නියමයිනේ හොඳ වැඩක්. අපගේ උපහාරය ගෝඨාභය ජනාධිපතිතුමනි.
රට වෙනුවෙන්ගත් හොඳ තීරණයක්...
උදේ වහන්නේ නෑ කියලා දවල් වෙනකොට හදිසියේ වහපු එක වැරදියි. අඩු තරමින් පැය 24 කට කලින් දැනුම් දිය යුතුව තිබුණා. ගොඩක් රටවල් පිටරට ගොස් සිටි තමන්ගේ රටවැසියන්ට ආපසු පැමිණීමට කාලයක් ලබාදුන්නා... හදිසි අවශ්‍යතා සඳහා විදේශගත වී සිටින මිනිසුන් කරකියා ගන්න දෙයක් නැතුව අතරමන් වෙනවා. කිසිම සැලසුමක් නැහැ...
අස්සයා පැන්නාට පස්සේ...
දැනට ලංකාවේ රැදී සිටින විදේශ ගත වෙන්න බලාපොරොත්තු වන විදේශිකයන්ට විදේශ ගත වෙන්න බැරිද ? කරුණාකර පැහැදිලි තොරතුරක් ලබාදෙන්න ?
තීරණය ගත්තා පරක්කු වැඩියි . ඕක කරන්න තිබ්බෙ අර වූහා වල ඉඳල ළමයි ආපු දවසේ . දැන් රෝගය පැතිරීලා ඉවරයි .
හොඳ තීරණයක් ජනාධිපතිතුමනි.
අපි ඔබතුමා කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා. තිස් අවුරුදු යුද්ධකින් රටම ගලවාගත් ඔබතුමාට මේ වසංගතයෙනුත් අපිව ගලවාගැනීමට නොහැකිවන කිසිදු හේතුවක් නැහැ. ඔබතුමාට තෙරුවන් සරණයි.
අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහන්න අන්තිම ඇමති පුතා එනකන්ම හිටියා නේද...
හරියට හරි. මේව තමයි කල යුත්තේ.
ප්‍රමාදවී හෝ ගත් තීරණය අප අගයන්නෙමු.
අනේ ශ්‍රී ලන්කන් එයාර් ලයින් එක..
මෙවැනි අවදානම් තත්වයක් තිබියදී කොහොමද ඡන්දයක් තියන්නේ..?
පොඩ්ඩක් නිව්ස් එක හරිද බලලා කියනවද?. ශ්‍රීලන්කන් එයාර්ලයින් එකේ හැටියට එයාර්පෝර්ට් එක වහන්නේ 18 රාත්‍රී 12 සිට...
අවසානයට.. එංගලන්තයේ සිට ලංකාවට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයෙන් පැමිණියේ ශ්‍රී ලංකාවේ සිටින හොරු රැලකගේ මෝඩ දරුවන්, නෑදෑයන් සහ පල් හොර මිතුරන් රැසකි. ඔවුන් දැන් සිටින්නේ දියතලාවේ "බංගලා"කිහිපයකි. ඒ වගේමයි... ඔවුන්හට මෙරටට පැමිණීමට ඉඩ ලබාගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් අවලංගු කල ගුවන් ටිකට් පත් හිමියන් ගුවන් සේවයට විරුද්ධව එංගලන්තයේදී නඩුපැවරීමට යයි. පවුම් මිලියන ගණනක් දඩමුදල් ලෙස ගෙවීමට සිදුවණු නොඅනුමානයි..
ගුවන් යානා පැමිණීම පමණක් නතර කලාට මදි. අපේ සියලුම ගුවන් සේවක සේවිකාවෝ මෙදින සිට දින 14 ක් නිරෝධායනය සදහා ලක් කිරීම වඩාත් සුදුසුවේ.
පිටත්වීමේ පරියන්තය විවෘත කර තිබේද ?
මේකේ දිනය සහ වෙලාව 19 වෙනිදා උදැසන 4 වෙනකල් දිගුකරා නේද
අපේ ජනපති අනිවාර්යෙන් මේ රටේ ප්‍රශ්න වලට හොඳ විසඳුම් ලබා දෙනවා.