( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කෘෂි කාර්මාන්තයේ යෙදෙන්නන් සහ සෞභාග්‍යයා ගෙවතු වගා දශ ලක්ෂයේ වැඩසටහන සමගාමීව ගෙවතු වගා කරන්නන් ඊට අවශ්‍ය බීජ ,පොහොර ,කෘෂි රසායනික ද්‍රව්‍ය මිල දී ගැනීමට අවස්ථාවක් නොවීමෙන් ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වී ඇත.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා ආසාදිත වෛරසය රට තුලට පැමිණීමත් සමගම රජය මගින් ඇරඹූ සෞභාග්‍යයා ගෙවතු වගා දස ලක්ෂයේ වැඩසටහනට පිලි ගනිමින් පාරම්පරිකව කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන්ට අමතරව බොහෝ දෙනෙක් තම ගෙවත්තේ විවිධ වගාවන් කිරීමට දැඩි පෙළඹීමක් ඇති වී තිබෙන අයුරු මේ දින වල දක්නට ලැබේ.
කෘෂි කර්මාන්තයේ යෙදෙන්නන්ට පවතින ඇදිරි නීතිය බාධාවක් නොවන බවට රජය මගින් වැඩි දුරටත් ප්‍රකාශයට පත් කෙරෙණි.
තත්ත්වය එසේ වුවද එම වගාවන්ට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට පෞද්ගලික කෘෂි රසායනිය වෙළෙද සැල් විවෘත නොවීමෙන් ඔවුන් දැඩි කනස්සල්ලකට පත්ව ඇත.
ඇතැම් දින වල ඒ ඒ ප්‍රදේශ වල ගොවිජන සේවා ප්‍රාදේශීය මධ්‍යස්ථාන විවෘතව තිබුණද ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීමෙන් බහුතරයක් දෙනාට වගාවන්ට අවශ්‍ය බීජ ,පොහොර ,කෘෂි රසායනිය ද්‍රව්‍ය ලබා ගත නොහැකි විය.
රෝගීන්ට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඖෂධහල් විවෘත කිරීමට පියවර ගත් අයුරින් වගාවන්ට අවශ්‍ය බීජ,පොහොර ,රසායනිය ද්‍රව්‍ය මිලදී ගැනීමට කෘෂි රසායනිය අලෙවි සැල් විවෘත කිරීමට රජයේ අවධානය යොමු වන්නේ නම් එය ඵලදායි තීරණයක් වනු ඇතැයි වගා කරුවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ගෙදරට ගෙනෙන එළවලු වල ඇට, පලා නටු සිටවන්න ගන්න පුළුවන්. පෝර ගෙදරදී කොම්පෝස්ට් ලෙස දාන්න පුළුවන්. මාළු සෝදන වතුර, කෙසෙල් ලෙලි , බිත්තර කටු, තේ කොළ හැම දේම පෝර තමයි . සබන් වතුර , කොහොඹ යුෂ , ඉතා හොඳ කෘමි විකර්ෂක . ඕනෙකම තියනව නම් ඔය නැහැ කියන එක දෙයක් වත් නැතුව හොඳ ගෙවත්තක් හදා ගන්න පුළුවන්.
පොහොර නැව පස්සෙන් වගාවට තෙල් නැවක් එනවා, දවස් දෙකකට පසුව බෙහෙත් නැවත් එනවා. සතෙන් සතේ එකතු කරලා බිල ගෙවමු. ඊට පස්සේ පාරට ඇවිත් හැමෝට ඇහෙන්න අපි තාමත් තුන්වෙනි පන්තියේ කියමු .