(සිරංගිකා ලොකුකරවිට සහ ඩී.ජී. සුගතපාල)
පවතින ඇදිරි නීතිය තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අත්‍යවශ්‍ය ආහාර ලබාදීමේ විශේෂ වැඩසටහනක් මේ වන විට ආරම්භ කර ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
දකුණු පළාත් ආණ්ඩුකාරතුමාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන සදහා අවශ්‍ය මෙහෙයවීම දිස්ත්‍රික් ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මේ අනුව ඇඳිරි නීතිය බලපවත්වන කාලසීමාව තුළ දී විශේෂ අවසර පත්‍රයක් ප්‍රාදේශීය ලේකම්වරුන් වෙතින් නිකුත් කෙරෙන අතර එමගින් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ග්‍රාමීය මට්ටමින් රථවාහන මගින් බෙදා හැරීමට වෙළෙන්ඳන්ට ඉඩ හිමිවේ. මේ පිළිබඳ දිස්ත්‍රික්කයේ සියලුම වෙළඳ සංගම් දැනුම්වත් කර ඇත.
එමෙන්ම තොග වශයෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ කොළඹ සිට ප්‍රවාහනය කිරීමට අවශ්‍ය අවසර පත්ද, එළවලු ආදිය තොග වශයෙන් රැගෙන ඒම සඳහා අවශ්‍ය අවසර පත් ද ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් නිකුත් කිරීම සිදු වන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කලේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුකරයේ ජනතාව ගැන රජයම බලන්න අවශ්‍යයි.