(ඩී.කේ.රත්න)
ගැටලු කීපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ග්‍රාම නිලධාරිවරුන් කොරෝනා මර්දනය සඳහා සහ ආධාර බෙදාදීම වෙනුවෙන් පිහිටුවා තිබෙන ග්‍රාම කම්ටුවලින් හෙට (17) සිට ඉවත්වීමට තීරණය කර ඇතයි ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය අද (16) පැවසීය.
ග්‍රාම නිලධාරිවරුන් අදාල වසම් තුල සතියේ සෑම දිනකම සියලූ වැඩ කරමින් කටයුතු කලද ග්‍රාම නිලධාරිවරුන් සඳහා ගමන් දීමනා වශයෙන් මාසිකව රුපියල් 600 ක මුදලක් ගෙවන නමුත් එම වසම් තුළම රාජකාරී කටයුතු සිදු කරන පවුල් සෞඛ්‍ය සේවිකාවන් සදහා රුපියල් 2000 ක ගමන් දීමනාවක්ද , සමෘද්ධි සංවර්ධන නිලධාරීන් සඳහා රුපියල් 1000 දීමනාවක් ගෙවන බවත් මෙහිදී ග්‍රාම නිලධාරිවරුන්ට අඩු ගමන් දීමනාවක් ලබා දෙමින් ග්‍රාම නිලධාරිවරයාගේ රාජකාරිය හෑල්ලූ කර ඇතැයිද පැවසීය.
තවද මේ වන විට කොරෝනා මර්දන කටයුතු වෙනුවෙන් සහ අසරණ වූ ජනතාව වෙනුවෙන් ආධාර බෙදාදීමේදී මූලික කටයුතු සියල්ල ග්‍රාම නිලධාරිවරුන් විසින් සිදු කළද අවසන් මෙහොතේ ආධාර බෙදාදීමේදී සියලූ කටයුතු සමෘද්ධි නිලධාරීන් හරහා සිදු කිරීම තුළින් ග්‍රාම නිලධාරීන්වරුන් තවදුරටත් හෑල්ලූ කර තිබෙන බවද මෙම සංගමය පවසයි.
මේ වන විට දිවයිනේ සියලූම ග්‍රාම නිලධාරීන් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිළධාරීන්ගේ සංගමය , සමස්ත ලංකා නිදහස් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය යන ග්‍රාම නිලධාරි සංගම් තුනට අයත් වන අතර කිසිදු වෘත්තීය සමිති භේදයකින් තොරව මෙම සියලූම ග්‍රාම නිලධාරීන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹීමට තීරණය කළ බවද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලදාරීන්ගේ සංගමය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහර ග්‍රාමසේවකල චන්ද කොළ බෙදන්න අහල පහල අයට දෙනවා....
මහා පුදුම මැන්ටලිටි එකක් අපේ රජයේ සේවකයන්ට තියෙන්නේ, මේ කාලය ඉතිහාසගත වෙන කාලයක්, මේ කාලයේ මිනිස්සු කරන කියන දේ ඉතිහාසගත වෙනවා, මේ බූරු යක්කු රාජකාරිය ගැන නෙවේ හිතන්නේ.... තමන්ට ලැබෙන පඩිය දීමනා ගැන, ඒවාට කලින් රාජකාරිය කරන්න, කන්න නැතිව ඉන්න අසරණ මිනිස්සු ගැන හිතන්න, අසාධාරණ දීමනාවක් ලැබුනත් අපි රාජකාරිය හරියට කරනවා කියල පෙන්වන්න, ඔය හීනමානයෙන් පෙලෙන වෘත්තීය සමිති නායකයන්ගේ බූරු යෝජනා වලට පයින් ගහන්න, ඉතිහාසගත වෙන්න, මිනිස්සු එක ගෞරවයෙන් කතා කරාවි, හැමදාමත් ආදරයෙන් මතක් කරාවි.
ප්රශ්නය ඇත්තේ ගමන් දීමනාව සම්බන්ධයෙන් නම් ඔබ විරෝධයට මෙය අවස්ථාව නොවේ.
සේවයෙන් ඉවත් වන දිවයිනේ සියලූම ග්‍රාම නිලධාරී වසම් වලට හමුදා නිලදාරියෙක් බැගින් යොදන්න. එතකොට කියයි මිලිටරිකරණය කරනවා කියල. නමුත් එහෙම නැතිව බෑ ලංකාව වගේ රටක් හදන්න.
බැසිල් රාජපක්ෂ ප්‍රමුක පොහොට්ටුකාරයින් කොරෝනා මතින් කරන දේශපාලනය අවසන් කරන තුරු ග්‍රාම නිලධාරීන් පමණක් නොවෙයි අත්‍යවශ්‍ය සේවාවල සියලුම රාජ්‍ය සේවකයන් මේ වෙලාවේ වැඩ නැවැත්විය යුතුයි. අද ආදායමක් නැතිව නිරාහාරව ඉන්න දුප්පතුන්ට දෙන ආහාර මල්ලේ සිට, වෙළඳ බල පත්‍ර, රජයෙන් දෙන රු. 5000 දීමනාව දක්වා සියලු වසංගත දීමනා සහන දැඩි නින්දිත ආකාරයට පොහොට්ටු දේශපාලන ග්‍රහණයට නතු කරගෙන අවසානයි. එනිසා ග්‍රාම නිලධාරීන් එම දේශපාලන අධිකාරියට එරෙහිව කොන්ද පණ ඇතිව ගත් තීරණය ඉතා ප්‍රසංසනීයයි.
මම දන්නවා අපේ පළාතේ ග්‍රාම සේවක මහතා අතින් වියදම් කරගෙන පුළුවන් තැන්වලින් ඉල්ලන් නැති බැරි පවුල් වලට කන්න දීපු බව මුලින්ම ඇඳිරි නීති දාපු දිනවල. එතකොට සමුර්ධි නිලධාරීන් පලාතෙවත් ආවේ නැහැ. ඒ මනුස්සයන්ට අසාධාරණයක් නොවේවා කියල හිතනවා. නරක උදවිය කොහෙත් ඉන්නවා වගේම හොඳ මිනිසුනුත් ඉන්නවා.
ආධාර බෙදීම අර සහෝදරයට දෙද්දිම අපි නම් දැනගත්තා. ග්‍රාම නිලධාරිවරු කියන්නේ තරඟ විභාගයකින් පත්වෙන නිලධාරීන්... ඔය සමෘධි නියාමකලා ගොඩක් දේශපාලන හෙංචයියෝ. අර අකුරැස්සේ රැස්වීම් කරපු කිතුලට නැග්ග දෙන්නා දීපු උත්තරත් මතකයි නේ. කරපු වැඩේ හරියටම හරි.
ප්‍රශ්නයක් නැහැ...සංවර්ධන නිලධාරීන්ව දාලා වසමෙ වැඩටික කරගන්න තියෙන්නේ...ඒකට තමයි එයාලා ඉන්නේ...
දුප්පතුන්ට තමන් දෙන ආධාරයක් සේ සලකන්න. මේ වෙලාවට මිනිසුන් වශයෙන් තව කෙනෙකුට කරන උදව්ව, උපකාරය ජීවිතයට ආයේ දවසක් නෑ.
මේ සටහන තබන මමත් වෘත්තියෙන් ග්‍රාම නිලධාරීවරයෙක්. මා ඉහත සංගම් අතරින් එකක මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රාෙද්ශීය ශාඛාවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා. මෙහි කියවෙන ආකාරයට වෘත්තීය සංගම් විසින් රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවට ප්‍රකාශ කලද අපගේ අති බහුතරයක් ග්‍රාම නිලධාරීන් එම මතය නොදරන බව දන්වා සිටිමි. මෙය වෘත්තීය සංගම් විසින් බිම් මට්ටමින් කිසිදු අදහසක් නොවිමසා ගත් අත්තනෝමතික තීරණයකි. ඒ සම්බන්ධව අපගේ කණගාටුව මෙන්ම විරෝධයද පලකරන බව නොපැකිලව ප්‍රකාශ කරමි. මේ මොහොතේ සමස්ථ රට සේම රටවැසියන්ද මුහුණපා සිටින තර්ජනය හමුවේ සමාජය සවිබල ගන්වමින්, ජන ජීවිතය යථා පරිදි පවත්වාගෙන යාමට ස්වකීය ජීවිත තර්ජනය පිළිබඳවද නොසිතා කටයුතු කරන අතිශය බහුතරයක් ග්‍රාම නිලධාරීන්ගේ සේවය හෑල්ලුවට ලක්කරන ලද මෙම තීරණයට විරුද්ධ වන්නා සේම, රටත් ජනතාවත් වෙනුවෙන් මේ දක්වා සිදුකරන සේවය අඛණ්ඩව සිදුකරන බවටද සපථ කරමි.