IMG-LOGO

ගර්භනී මව්වරුන්ට- කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිවසටම

ගර්භනී මව්වරුන්ට හා කුඩා ළමුන්ට ලබාදෙන ත්‍රිපෝෂ පවුල් සෞඛ්‍ය  සේවා නිලධාරිනිය මගින් නිවසටම ලබාදීමට  සෞඛ්‍ය අමාත්‍යංශය  පියවර ගෙන තිබේ.

එමෙන්ම ළමුන්ගේ  බර කිරීමකින් තොරව පසුගිය මාසයේදී  සටහන් වූ බර ප්‍රමාණයට අනුව ත්‍රීපෝෂ නිකුත් කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
 
ඒ සමගම ගර්භනී මාතාවන්ට ලබාදිය යුතු විටමින් වර්ග ද බෙදා දීමට තීරණය කර තිබේ.
 
එමෙන්ම පවත්නා කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය සති 04 තුළ ප්‍රතිශක්තීකරණ සායන පැවැත්වීමට සුදුසු තත්ත්වයක් නොතිබුන හෙයින් දැනට එම ප්‍රතිශක්තීකරණ සායන වසංගත තත්ත්වයන් තුළ දී අනුගමනය කළ යුතු සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ග අනුගමනය කරමින් සමීපයෙන් විශේෂ සායන මධ්‍යස්ථාන පවත්වා, සියළු දෙනාට එකවර නොපැමිණ, නිශ්චිත වේලාවක් ලබා දී, ඒ අනුව ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමට කටයුතු ද පිළියෙළ කර ඇත.
 
මේ සදහා සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට අමතර වාහනයක් ද, අමතර වෛද්‍ය නිලධාරියෙකු ද ලබාදීමට කටයුතු කර ඇති බව ද තම ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීනීයගෙන් වැඩි විස්තර  ලබාගත හැකි බව ද සෞඛ්‍ය ලේකම්වරිය සදහන් කරයි.



අදහස් (0)

ගර්භනී මව්වරුන්ට- කුඩා ළමුන්ට ත්‍රිපෝෂ නිවසටම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 483 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 643 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 264 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site