IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ගම්පහට ඇදීරිනීතිය

ගම්පහ දිස්ත්‍රික්කයට අද (21) රාත්‍රී 10  සිට සඳුදා (26) උදෑසන 5 දක්වා නිරෝධායන ඇඳිරිනීතිය පනවා ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.



අදහස් (8)

ගම්පහට ඇදීරිනීතිය

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 21 October 2020 08:33 AM

මෙවර බ්‍රැන්ඩික්ස් රැල්ල මතුවූ විගසම නිසි පියවර ගත්තා නම්, මෙසේ මුළු රටේම පැතිරෙන්නේ නැහැ. ලෙඩේ පැතිරෙන්න අැරලා මොනවද මේ කරන වැඩ? අනේ මන්දා..

:       2       56

විජිත් Wednesday, 21 October 2020 09:41 AM

සමිත, අපේ රටේ ඉන්න හීනමානයෙන් පෙලෙන දේශපාලුවන් දන්නා කොරෝනෙක් නැහැ. ඒ ගැන දැනගන්න අය ඉස්කෝලේ ගිහින් තියෙන්න ඕනෑනේ. සෞඛ්‍ය සේවයේ දක්ෂතාව නිසා මුලදී මෙය පාලනය වුණාම මේ පාලකයින් හිතුවේ අපි දිනුම් කියලා. මොකද මේ රටේ මිනිස්සුන්ට හිතන්න කියලා දීලා තියෙන්නේ ලංකාව තියෙන්නේ ලෝකයේ කියලා නොවෙයි... ලෝකය තියෙන්නේ ලංකාවේ කියලා. ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමති, ලෝකයේ හොඳම දොස්තරලා,.. අරයා මෙයා කියලා සම්මාන පවා දීගත්තා.... ඒ අතරේ ඉන්දියාවේ අසාධිත අයව හොරෙන්ම මෙහාට ගෙන්නුවා. විදේශ අමාත්‍යාංශය කියනවා එහෙම ආවා කියලා. නමුත් දේශපාලුවෝ කියනවා නැහැ කියලා. ඒ සියල්ල කරන්නේ තමන්ගේ හිතවතා බ්‍රැන්ඩික්ස් බේරගන්න මිසක් රටේ ජනතාව බේරගන්න නොවෙයි. සියලුම වැරදි cpr වාර්තා දීලා තියෙන්නේ පුද්ගලික රෝහල්වලින් සහ විශ්ව විද්‍යාලවලින්. විශ්ව විද්‍යාලවල පාවිච්චි කරන පරීක්ෂණ කට්ටල අධ්‍යයන පරීක්ෂණ කට්ටල මිසක් සායනික පරීක්ෂණ කට්ටල නොවෙයි. කොහොමහරි මේ බයියෝ මේ රට කොරෝනා වලිනුත් සරුසාර කළා. අවාසනාව හැමතැනම.. අපි චූටිකාලේ තිබුණා.. අපේ රට මොනතරම් වාසනාවන්ත රටක්ද..?

:       4       38

පූජාWednesday, 21 October 2020 10:38 AM

අපිි චූූටි කාලේ තිබුණු ඒ ලස්සන රමනීය රට ආයෙත් කවදාකවත් ආපසු එන්නේ නැහැ විජිත්... ඒක සිහිනයක් පමණයි. අපේ බාල පරපුරේ අනාගතය ගැන හිතන කොට හිතට දැනෙන්නේ දැඩි වේදනාවක්..

:       2       26

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 21 October 2020 10:54 AM

ස්තූතියි ... !!! විජිත් ඔයාට ...

:       0       1

චමින්ද ජයනාත් ජයසූරිය Wednesday, 21 October 2020 09:58 AM

මට නම් හිතෙන්නේ රෝගීන් පිරිසක් හමු වූ විට එම ප්‍රදේශයට ඇඳිරි නීතිය දැමීම සමස්ථ රටම මේ උවදුරින් බේරා ගැනිමට ගන්නා නිවැරදි විද්‍යාත්මක ක්‍රමයක් හෝ විධිමත් ප්‍රායෝගික ක්‍රමවේදයක් නෙමේ කියායි. මිනිස්සුන්ගේ සංචරණ ක්‍රමවේදයන් දෙස බලනවිට වෛරසය පාලනය කිරීමට මෙම ක්‍රමවේදයන් බොහෝ පසුපසින් ඇති බවයි වැටහෙන්නේ... ඉදිරිය ගැන සිතන විට ඇතිවන බියජනකම සිතුවිල්ල නම් මෙම රසයේ සමාජ ව්‍යාප්තිය මේ මොහොත වනවිටත් කොතරම්දැයි අප සත්‍ය වශයෙන්ම නොදැනීමයි.

:       2       19

සංකල්ප Wednesday, 21 October 2020 11:33 AM

ඇති හැකි අය සුපිරි වෙළඳසල් හිස් කරයි. හිස් වූ රාක්ක මුහුණු පොතට ද දමාගනියි. බාර් යන අය අවශ්‍ය තරමට වඩා තොග නිවස් කරා රැගෙන යයි. එදිනෙදා වැටුප ලබන දුප්පතාට එසේ ආදායමක් ලැබෙන්නේ නැත. ඔවුන් රාජ්‍ය සේවකයින්ද නොවේ. ඉතින්, ඇතැමෙකුට ලොක්ඩවුන් තත්වය නිදහසේ විවේකය භුක්ති විඳීමේ කාලයයි. බහුතරයට එසේ නැත...

:       0       0

Prasad Wednesday, 21 October 2020 03:01 PM

ගම්පහ ජනතාව අගෝස්තු මාසේ ඡන්දෙදී ලංකාවෙන් වැඩිම ඡන්දෙ දීලා මේ රට පවුලකට ලියලා දීලා කරපු අපරාදෙට දෙව්යෝ කෝපවෙලා තමයි.

:       0       0

Sumith Thursday, 22 October 2020 06:24 AM

මේ ආණ්ඩුව මේ සැරේ කරපු වැඩේ නිසා රටේ කොරෝනා පැතිරුනා !

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 498 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2240 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1676 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site