( තිලකරත්න දිසානායක.)
ගම්පහ විහාරාධිපති සංගමය විසින් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අවශ්‍යතා වෙනුවෙන් රුපියල් ලක්ෂ පහක වෛද්‍ය උපකරණ ඇතුළු ද්‍රව්‍ය ප්‍රදානය කිරීමක් සිදු කළේය.
මේ යටතේ නෙබියුලයිසර් , රෝහල් කාර්ය මණ්ඩල ඇදුම් කට්ටල , මේස , පුටු , කබඩ් , සායනික පුටු ඇතුළු ද්‍රව්‍ය තොගයක් අද (16) සවස මෙලෙස ප්‍රදානය කෙරිණි.
මෙහිදී සියනෑ කෝරළයේ ප්‍රධාන සංඝ නායක තෝරපිටියේ ආනන්ද නාහිමි අනුශාසනාවක් කරමින්, ගම්පහ විහාරාධිපති සංගමය මගින් වාර්ෂිකව සිදු කරනු ලබන සමාජ සත්කාරක සේවාව යටතේ මෙවර රටේ පවතින තත්ත්වය හමුවේ සිදු සත්කාරයන් වෙනුවෙන් රෝහලට අවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමට තීරණය කළ බවය.
ගම්පහ සුනන්දාරාමාධිපති තුමිමෝදර සමිතසෝම නාහිමි සදහන් කර සිටියේ මේ මොහොතේ ජීවිත බේරා ගැනීම පිනිස දෙවිවරුන්වන් වෛද්‍යවරුන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය ඉටුකරනු ලබන සේවාවේ වටිනාකම කියා නිමකළ නොහැකි තරම් බවයි.
මෙම අවස්ථාවට තලංගල්ලේ සෝමසිරි , යක්කඩුවේ රාහුල යන නාහිමි වරුන් ඇතුළු හිමිවරුන් කිහිප නමක්ද, ගම්පහ රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රියන්ත ඉලේපෙරුම , වෛද්‍ය ( සැලසුම්) නිලංගී සුභසේකර , ගණකාධිකාරීනී නිරෝෂා වෙදආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම පින් සිදුවෙනවා හාමුදුරුවනේ... අධික ශබ්දයෙන් යුතුව පාවිච්චි කරන ලවුස් පීකර් වල ශබ්දයත් අඩු කරන්න. අහල පහල අයට කරදයක් හිරිහැරයක් නැති ආකාරයෙන් එව්වා ක්‍රියාත්මක කරන්න.