(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ අද (28) වනවිට ආසාදිතයින් සංඛ්‍යාව 62,740 දක්වා ඉහළ යද්දී පැය 24 ක කාලය තුල ආසාදිතයින් 692 කු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ඊයේ උදෑසන වනවිට ආසාදිතයින් හමුවීම වත්තල කොට්ඨාසයෙන් - 92ක්, අත්තනගල්ල - 68ක්, මහර - 56ක්, සීදූව සහ කටාන කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 54 දෙනෙකු බැගින්, බියගම - 51ක්, දොම්පෙ, මිනුවන්ගොඩ සහ මීරිගම කොට්ඨාසයන්ගෙන් ආසාදිතයින් - 50 දෙනෙකු බැගින්, කැලණිය - 49ක්, ගම්පහ - 39ක්, ජාඇල - 35ක්, දිවුලපිටිය - 20ක්, රාගම - 15ක් සහ මීගමුව - 9 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල ආසාදිතයින් 321 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් සැක සහිත රෝගීන් 148 දෙනෙකු රෝහල් ගත කොට ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 13,578 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd