(තිලකරත්න දිසානායක.)
කොවිඩ් දෙවන රැල්ලේ ඊයේ (7) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 40,327 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර පැය 24 ක කාලය තුළ ආසාදිතයින් 444 දෙනෙකු හමුව ඇත.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙන් මේ බව පෙන්නුම් කෙරෙන අතර ඊයේ උදෑසන වනවිට පැය 24 ක් තුල 75 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බව එහි සදහන්ය.
දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව එම කාලය තුළ අත්තනගල්ල කොට්ඨාසයෙන් - 60 ක්, වත්තල - 51ක්, මීරිගම - 44 ක්, දොම්පෙ සහ මහර කොට්ඨාසයන්ගෙන් - 41 දෙනෙකු බැගින්, ගම්පහ - 34 ක්, කැලණිය - 29 ක්, සීදූව - 20 ක්, ජාඇල සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් - 17 දෙනෙකු බැගින්, මිනුවන්ගොඩ සහ මීගමුව - 6 ක් වශයෙන්ද, රාගම - 2 ක් සහ කටාන කොට්ඨාසයෙන් එක් අයෙකු වශයෙන් හමුව ඇත.
පැය 24 තුල ප්‍රතිකාර පිනිස දිස්ත්‍රික්කයේ රෝහල්වලට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 248 දෙනෙකු බවත් ආසාදිතයින්ගේ පළමු පෙළ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 17,811 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය.
දිස්ත්‍රික්කයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව පැය 24 ක් තුල ආසාදිතයන් 61 දෙනෙකු හමුව ඇති අතර ඉන් 42 දෙනෙකු කටුනායක ආයෝජන කලාපයෙහි කර්මාන්තශාලා ආශ්‍රිතව සහ බියගම කලාපයෙන් ආසාදිතයින් 18 දෙනෙකු සහ වෙනත් කර්මාන්තශාලාවලින් ආශ්‍රිතව එක් අයෙකු වශයෙන් හමුව ඇත.
දැනට පී.සී.ආර් පරීක්ෂණයකට ගම්පහ දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් 2,92,448 දෙනෙකු භාජනය කොට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තම කියනවා නම්, බලාගෙන ගියාම අපි නේ ලෝකෙන්ම හොඳටම කරලා තියෙන්නේ? ලොකු ආඩම්බර කමක් හිතට නැගෙනවා.