(තිලකරත්න දිසානායක.)
කොරෝනා ආසාදිතයින් 460 දෙනෙකු අද (6) ගතවූ පැය 24 ක කාලය තුල ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුව ඇති අතර ඉන් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව තිබිණි.
ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවියෙහි සදහන් අන්දමට දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 15 ආශ්‍රිතව ගතවූ පැය 24 ක් තුල මිනුවන්ගොඩ කොට්ඨාසයෙන් ආසාදිතයින් - 68 දෙනෙකුද, අත්තනගල්ල - 60 ක්, ජාඇල - 53 ක්, මහර - 41 ක්, බියගම - 33 ක්, දොම්පෙ - 32 ක්, කැලණිය - 24 ක්, දිවුලපිටිය - 21 ක්, වත්තල - 16 ක්, ගම්පහ - 13 ක්, මීගමුව - 11 ක්, කටාන - 9 ක්, මීරිගම - 4 ක් සහ රාගම කොට්ඨාසයෙන් ආසාදිතයින් දෙදෙනෙකු හමුවී ඇතැයි සඳහන්ය.
එම කාලය තුල ප්‍රතිකාර සඳහා දිස්ත්‍රික්කයෙහි රෝහල් වෙත ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 294 දෙනෙකු වන අතරආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,651 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇතැයි ද එහි සඳහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd