(තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයේ අද (27) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 468 දෙනෙකු හමුව ඇති බවත් මින් 73 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 66 දෙනෙකු ඇතුලුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව කැලණිය - 43 දෙනෙකු , අත්තනගල්ල  - 42 ක්, ජාඇල  - 39 ක්, මීරිගම - 38 ක්,  සීදූව - 35 ක්,  වත්තල  - 32 ක්, මහර  - 30 ක්, දොම්පෙ  - 27 ක්,  ගම්පහ  - 24 ක්, කටාන  - 22 ක්,  මීගමුව සහ දිවුලපිටිය කොට්ඨාසයන්ගෙන් - 19 දෙනෙකු බැගින්,  මිනුවන්ගොඩ - 15 ක් සහ රාගම කොට්ඨාසයෙන් 10 දෙනෙකු වශයෙන් ඊයේ උදෑසන වනවිට ගතවූ පැය 24 තුල  ආසාදිතයින් හමුව ඇත. 

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 15,676 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් කොවිඩ් දෙවන රැල්ලේ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 50,794 දෙනෙකු බවත් සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.