( තිලකරත්න දිසානායක.)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (29) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 58 දෙනෙකු වන වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් සීදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 359 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි. 

දිස්ත්‍රික්කයේ සෙසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම දොම්පෙ කොට්ඨාසයෙන් - 40 ක්, අත්තනගල්ල සහ බියගම කොට්ඨාසයන්ගෙන්- 38 දෙනෙකු බැගින්,  මහර - 34 ක්, මීගමුව  - 27 ක්,  කටාන  - 24 ක්,  රාගම  - 21 ක්,  මිනුවන්ගොඩ  - 15 ක්, දිවුලපිටිය  - 14 ක්, මීරිගම, ගම්පහ සහ ජාඇල කොට්ඨාසයන්ගෙන්  - 12 දෙනෙකු බැගින්, කැලණිය  - 9 ක් සහ වත්තල කොට්ඨාසයෙන් ආසාදිතයින් පස් දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

කර්මාන්තශාලා ආශ්‍රිතව ආසාදිතයින් 29 දෙනෙකු හමුව ඇති අතර එය නිදහස් වෙළඳ කලාපයේ කටුනායකින් - 20 ක්, බියගමින්  - 4 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව සිව් දෙනෙකු වශයෙන් හමුව ඇත.

ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 17,203 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.