(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 13 තුළ කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලයින් 827 දෙනෙකු නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ උදය රත්නායක මහතා පවසයි.
මේ වනවිට කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගත ආසාදිතයින් 13 දෙනෙකු කළුතර දිස්ත්‍රික්කය තුළින් හමුවී ඇති බවත්, එයින් 4 දෙනෙකු දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයට අයත් බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයේ පදිංචිකරුවන් බවත්, ඉතිරි 9 දෙනා ජාතික සෞඛ්‍ය සේවා බල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසා සිටී.
එසේම, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ අතරින් අගලවත්ත 17ක්, වාද්දුව 53ක්, ඉංගිරිය 31ක්, හොරණ 79ක්, මතුගම 53ක්, බණ්ඩාරගම 135ක්, බුලත්සිංහල 51ක්, වළල්ලාවිට 56ක්, පාලින්දනුවර 40ක්, දොඩංගොඩ 51ක්, මිල්ලනිය 30ක්, මදුරාවල 49ක් සහ පානදුර 119ක් ලෙසින් පුද්ගලයින් නිවෙස් තුළ නිරෝධායනයට ලක්කර ඇති බව උදය රත්නායක මහතා පවසන අතර, රජය මඟින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් සියල්ල නිසිලෙස පිළිපදින ලෙස ඔහු කළුතර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටී.
2025 නොවැම්බර් මස 17
38
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
878
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2510
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කළුතර දිස්ත්‍රික්කයේ 827ක් ස්වයං නිරෝධායනයේ